රට විශාල අවදානමක… රෝහල්වලට හැකි පමණින් උදව් කරන්න..- ඇමති සුදර්ශිනී අයදී..

August 20, 2021 at 12:02 am | lanka C news
රට විශාල අවදානමක… රෝහල්වලට හැකි පමණින් උදව් කරන්න..- ඇමති සුදර්ශිනී අයදී..

කොරෝනා පැතිරීමත් සමග ශ්‍රී ලංකාව විශාල අවදානමක සිටින හෙයින් ගමේ රෝහල්වලට හැකි ශක්ති ප්‍රමාණයෙන් උදව් කරන්නැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විදේශයන්හි ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරන්නීය.

ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් මෙරට රෝහල් සඳහා උදවු උපකාර රැසක් කර ඇති බවත් එම ශ්‍රී ලාංකිකයන්ට තමා ස්තුතිය පුද කරන බවත් ඇය සඳහන් කළාය.

ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග ශ්‍රී ලංකාව දැඩි අවදානම්කාරී තැනකට පැමිණ ඇතැයි රාජ්‍ය ඇමතිවරිය වැඩිදුරටත් කීවාය.

– lankadeepa

38,161 views

9 Comments to “රට විශාල අවදානමක… රෝහල්වලට හැකි පමණින් උදව් කරන්න..- ඇමති සුදර්ශිනී අයදී..”

  1. සුකුමාර says:

    යහපාලන රෙද්ද අස්සේ හැංගිලා ඉදල දැන් බොරුවට මහජන අනුකම්පාව දිනා ගන්න බොරු ප්රෝෆෙසනල් කියල පෙන්නන්න හදනවා. සෝබන අම්මන්ඩි

    • LalithM says:

      ඇත්ත කියන එක රාජ උදහසට හේතුවන කරුනක්.අතීතයෙත් එහෙම තමා. ගැලීලියෝට, ඉස්සර හිටපු ග්‍රීක දාර්ශනිකයින්ට ජීවිත තර්ජන ආව සත්‍ය අවබෝධ කරගත නොහැකි මෝඩ පාලකයින් සහ ආගමික නායකයින්ගෙන්. මේකත් එහෙම තමයි.ඉස්කෝල වහලනේ. ඉතින් කොහොමද ඕව ඉගෙනගන්නේ.

  2. sajith says:

    මෙයටත් ආතතිය වගේ.බන්දු දෙන්නෙක් යවන්න මෙයාටත් අතතියද බලන්න.

    • CAT says:

      ක්‍රීඩා ඇමතිට විශේෂ ගුවන් යානා වලින් ඔලිම්පික් යෑමට මුදල් ඇත …රටේ ජනතාවට සෞඛ්‍ය කටයුතු කිරීමට මුදල් නැහැ හිගමන් ඉල්ලනවා

  3. LalithM says:

    මෙහෙමත් සෙවල ආණ්ඩුවක්. සෞඛ්‍ය ගැන අබ ඇටයක දෑනුමක් නැති දෙයියන්ගේ අසූචි ලෙවකන්නෙක් යටතේ ප්‍රජා වෛද්‍ය විෂේශඥවරියක් සහ මහැදුරෙක් හිඟමන් යදිනවා රෝගී ජීවිත වෙනුවෙන්. මොන විනාශයක පෙරනිමිත්තද මේ.

    • Love nature says:

      රට විශාල අවදානමක… රෝහල්වලට හැකි පමණින් උදව් කරන්න—දැන්ද කියන්නේ ? හෙළ වෛද්‍යවරුන්ට කොරෝනාවලට බෙහෙත් දීම පනත් මගින් තහනම් කර ,එන්නත් නිසි වෙලාවට ලබා නොදී ..මුළු රටම ජනතාවට කොරෝනා වෛරසය ඩෙල්ටා වෛරස් පැතිරීම ඉඩදී බොරුවට දොඩවන්න එපා …අපේ රටේ දේශපාලකයෝ හිඟමන් යදිනවා..ජනතාවගේ බදු මුදල් වලින් ඔවුන් පොහොසත් නේද ? දැන් ඔවුන් ගේ දේපල මුදල් ජනතාවට ලබා නොදෙන්නේ මන්ද? දේශපාලකයෝ කෝටිපතියන් වී සිටි …නමුත් හිඟමන් යදින්නේ විදේශීය ගතවී සිටින අපේම මිනිස්සුන්ගෙන් ..
      නියපොත්තෙන් කැඩීමට තිබු දෙය දැන් පොරොවෙන් කඩන්නද හදන්නේ ? ඔබ ඔබේ සේවය හරියට කළා නම් අද අපේ රටේ මෙතරම් කොරෝනා පැතිරෙන්නේ නැහැ …

  4. NoAh says:

    රෝ‌හල් පහසුකම් සලසන්න මුදල් නැතිවුනාට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී නඩත්තුවට, සේවයක් නො‌කරන රජයේ සේවක පින්පඩි සඳහා, දේසපාලුවන්ගේ සුඛ විහරනයට ඔ‍්නෑවටත් වඩා මුදල් තිබේ. අහි◌සක ජනතාවගේ බදුමුදල් ඔවුන් වෙනුවෙන‍් වැයනො‌කර කාබාසනිය කිරීම ලො‌කු වරදක‍්.

    • ළිහිණි says:

      දේශපාලකයෝ අපේ රට ජාතිය ගැන හිතනවා නම් රටේ ජාතික සම්පත් වරායවල් වසර 199, කොලබ වරාය නගරය 99 චීනුන්ට බදු දෙයිද ? කෝ ඒ ලබා ගත් මුදල් ? හෙළ වෛද්‍යවරුන්ට කොරෝනා වලට බෙහෙත් දීම තහනම් කරයිද ? මුස්ලිම් දේශපාලකයින් සතුටු කිරීමට , කොරෝනා මල කුණු අපේ රටේ භූමදානය කිරීමට අවසර දෙයිද ?අපේ රටේ භූගත ජලයට කොරෝනා වෛරස් ඇතුළුවී,පානිය ජලය බොන අපේ ජනතාවට වෛරස් ඇතුළු වීම පුදුමයක් නොවේ .. දැන් මුළු රටේම කොරෝනා පැතිරෙනවා නේද ? පොහොට්ටුවේ ආශ්චර්ය බලව් …යහපාලනයේ සහ මේ ආණ්ඩුවේ වෙනසක් නොමැත

  5. kamaladasa doctors says:

    TIME HAS come to take money from Seashells and Italy and other international banks- in where RAJAPAKSHA (henahuras) brothers have left billions of foreign money. Come-on hurry! lives are at risk of innocent people in SL