රට ෂට්ඩවුන් (Shutdown) කල යුතුයි..- සජිත්

August 14, 2021 at 10:40 am | lanka C news
රට ෂට්ඩවුන් (Shutdown) කල යුතුයි..- සජිත්

මේ මොහොතේ ප්‍රමුඛතාවය දිය යුත්තේ ජනතාවට ඔක්සිජන්වලට ද ආර්ථිකයටද යන්න රට පාලනය කරන ආණ්ඩුව තීරණය කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

එනිසා තම යෝජනාව වන්නේ ටික කලකට ‘ලොක්ඩවුන්-ෂට්ඩවුන්’ එකකට ගොස් මරණ සංඛ්‍යාව, ආසාදිත සංඛ්‍යාව පාලනය කරගත හැකි තත්ත්වයට රට ගෙන ආ යුතු බවද ඔහු පැවසීය.

මේ මොහොතේ රට වසා දමනවා හැර ජනතාව ජීවත් කිරීමට කිසිදු විකල්පයක් නැති බවද ඔහු සඳහන් කළේය.

මේ මොහොතේ ජනතාවගේ ජීවිතය බේරා ගැනීම කාටත් පැවරී ඇති වගකීම බවත් ආර්ථිකය ගැන ඉන් පසුව සිතිය හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ තිස්සමහාරාම දෙබරවැව ගැමුණුපුර ශ‍්‍රී විශුද්ධාරාම විහාරස්ථානයේ පූජ්‍ය සාලියපුර සුධර්ශන නාහිමියන් සමග අදහස් පල කරමිනි.

30,170 views

45 Comments to “රට ෂට්ඩවුන් (Shutdown) කල යුතුයි..- සජිත්”

  1. Sumangala says:

    සජිත් තමා ප්‍රාදේශිය සබාවකට නම් සුදුසු බව නිති පතා ඔප්පු කරමින් දොඩවයි.
    ශට් ඩවුන් කරනවා කියන්නෙ එදිනෙදා මැරෙන ටික දෙනා පමණක් නොව සමාජයම මරා දමන දෙයක් බව නොතේරෙන ගොබ්බයන් ගේ කතා අහල ඒවා කියන්න ගිහින් පච වෙනව​.

  2. dehiwala Kolla says:

    ශට් ඩවුන් කරනවා කියන්නෙ එදිනෙදා මැරෙන ටික දෙනා පමණක් නොව සමාජයම මරා දමන දෙයක් බව නොතේරෙන ගොබ්බයන් ගේ කතා අහල ඒවා කියන්න ගිහින් පච වෙනව​.

  3. මනුස්සයෙක් says:

    Shutdown නොකොලොත් මේ වෙලාවෙ , ලංකාවෙ අනාගතය ඉතා අවදානම්, lockdown කියල පේනවනෙ මිනිස්සු කඩේ යනවා පා…ටි දානවා තියන හැමදේම කරනවනෙ, ඉතින් lockdown ද? නැහැ මම කියන්නෙත් මේ වෙලාවෙ සුදුසුම පියවර shutdown , 🙏

  4. Silva says:

    එහෙම නෙමේ ලොක්කා, රට පාලනය මට දෙන්න කියන්න. එතකොට අර ඔයාගේ ෆැකනිල් දීලා රට ගොඩගන්න පුලුවන්

  5. පබිලිස් says:

    පාට්ලි චම්පික ලගදි ම සට් ඩවුන් කරයි

Main News