රට සම්පුර්ණයෙන්ම විවෘත කරන බව රජය කියයි…

October 29, 2021 at 4:40 pm | lanka C news
රට සම්පුර්ණයෙන්ම විවෘත කරන බව රජය කියයි…

සියළුම පාසල් වල සිසු සිසුවියන්ට මේ වසර අවසන් වන විට එන්නත ලබා දි ලබන වසරේ මුල සිට රට සම්පුර්ණයෙන්ම විවෘත කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බැව් කියා සිටියේ (29) දින නාවලපිටිය ශ්‍රි  පාද පිරිවෙන් විහාරස්ථානයේ ඉදි කිරිමට යෝජිත දාහත් රියන් බුබුලාකාර ධාතු මන්දිරයක් සහිත ස්ථුපයේ ඉදි කිරිම් අරම්භ කිරිමේ අවස්තාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුතගමගේ මහතා කියා සිටියේ ලෝක කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ මෙරට සංචාරක කර්මාන්ත සම්පුර්ණයෙන්ම කඩා වැටිම නිසා රටේ ආදායම් තත්ත්වය සම්පුර්ණයෙන්ම කඩා වැටි ඇති බවයි.

එවැනි තත්ත්වයක් මත අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව අනෙකුත් රටවල් වලට සාපෙක්ෂව මේ රටේ බහුතර පිරිසකට එන්නත්කරණය සිදු කර ඇත.

කුමන බාධක පැමිණියද රටේ ආර්ථිකය ඉහල දමමින් රටේ සංවර්ධන කටයුතු එලෙසෙම සිදු කරන බවද මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

40,771 views

6 Comments to “රට සම්පුර්ණයෙන්ම විවෘත කරන බව රජය කියයි…”

  1. ඩොංකි ඩුයිං ඩෝගීස් වර්ක් says:

    ඕකනේ කියන්නේ බල්ලගේ වැඩේ බූරුවා කරනවා කියලා. කෘෂිකර්මය පැත්තකින් තියල අහක තියෙන සෞඛ්‍යයක් ගැන දොඩවනවා. කෘෂිකර්මය වළපල්ලට යන්නේ අන්න ඒ හේතුව නිසයි.

    • සිරිමල් උයනේ BOC සක්කිලි චාමර says:

      සිරිමල් උයනේ BOC සක්කිලි චාමර
      මම BOC එකේ මෝඩ GM , AGM කාරයෝ හොදට අන්දලා පුක්මන් මස්සිනාගේ ලොකු කෙල්ල BOC එකට දැම්මා
      චිනේ මගේ මාර යාලුවෝ, හරිද ලොකු මල්ලි, පොල් aiyye ඩොමිනික් කොල්ලෝ

      • සිරිමල් උයනේ සුහද මාවතේ අපි says:

        පල පිම්පිය ගනී විකුණගෙන කන

  2. දිනෙෂ් ගුණවර්ධන says:

    ලබන වසරේ සිට කෘෂි රසායන පොහොර භාවිතය පිළිබඳ තිරණය කරනවා. කෘෂි කර්මාන්තය නැංවීමට විශේෂ පියවර ගන්නා බවද ප්‍රකාශ කරනවා.- අධ්‍යාපන ඇමති දිනේෂ් ගුණවර්ධන

  3. C.c Antony says:

    සර් ඕක කරණවා කිව්වේ ගිය සැප්තැම්බරේ…. අනාගතය පිළිබඳ කිසිම දැක්මක් නැති මිනිස්සූ.

  4. Indika says:

    මූ නම් අතුගාල දාන්න ඕන එකෙක්..හාල් ගේන්නේ නෑ කිව,පොහොර තියනවා කිව,හාල් මොල් දනගස්සනව කිව…පස්සේ අර සලකුණ ට ඇවිත් චමුදිත ඉස්සරහ චොර උනා..මූ දැන් රට අරින්න කතා කරනවා..ලෙඩ්ඩු වැඩි උනාම ආපහු කෙල උනාම උබල මිනිස්සුන්ට බනිනවා..උබලාගේ දරුවෝ ඉන්නේ රට …උබල මෙහෙට හෙන ගැහුවත් කමක් නෑ…උබල මෙහෙ දේශපාලනේ කරන්නේ ආතල් එකට..මොකද උබල හැමෝම දැන් හම්බ කරන්න ඕන හරිය කරලා ඉවරයි…

Main News