රට හදන්න පුළුවන් එජාපයට විතරයි.. අවුරුදු පහෙන් බෑ.. 20ක් ඔ්නෑ..- රනිල්

October 22, 2021 at 3:50 pm | lanka C news
රට හදන්න පුළුවන් එජාපයට විතරයි.. අවුරුදු පහෙන් බෑ.. 20ක් ඔ්නෑ..- රනිල්

දැනට රට තුළ තිබෙන දේශපාලන ව්‍යාපාර අතරින් රට ගොඩ ගැනීමට හැකියාව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව එම පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

බලාපොරොත්තුවත් අනාගතයක් අහිමි වූ රට බාර ගෙන නැවත රටට හෙටක් ලබාදීමට සූදානම් බවද ඒ මහතා සඳහන් කළේය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී පැවති එක්සත් ජාතික පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් අමතමින් ඔහු මේ බව පැවසීය.

අවුරුදු පහෙන් පහට රට හදනවා කියා එකක් නැති බව ද අවුරුදු විස්සක්වත් එක මාර්ගයේ යා යුතු බවද හෙතෙම පවසයි.

පක්‍ෂ මාරු වුණාට ප්‍රතිපත්ති මාරු විය යුතු නැති බවද පැවසූ ඔහු ප්‍රතිපත්ති ආරක්ෂා කර ගැනීමට නීතිමය රාමුවක් ඇති කළ යුතු බව තව දුරටත් සඳහන් කළේය.

23,424 views

56 Comments to “රට හදන්න පුළුවන් එජාපයට විතරයි.. අවුරුදු පහෙන් බෑ.. 20ක් ඔ්නෑ..- රනිල්”

  1. On The Spot says:

    රනිල් වික්‍රමසිංහට දැන් අවුරුදු වයස අවුරුදු හැත්තෑ දෙකකි.මේ වනවිට ඉතිරි කරගෙන ඇත්තේ ඇඳගෙන උන් ඇඳුම පමණි.සෝදා වැලේ දැමූ ඔහුගේ ඇඳුම් සියල්ලද සමග ප්‍රතාපවත් එක්සත් ජාතික පක්‍ෂයත් දැන් අහිමිව ඇත​.ජනතා පරමාධිපත්‍යයෙන් මන්ත්‍රී ධූරයක් ලබා ගැනීමට ඔහුට තව අවුරුදු විස්සක්වත් ගත වනු ඇත​.ඒ වන විට ඔහුට අවුරුදු අනූ දෙකක් වන්නේය​.එදවස වන විට රාජ්‍ය බලය ලබා ගත්තත් රට හදන්නට අවුරුදු විස්සක් ගත වන්නේ නම් ඔහුගේ වයස අවුරුදු එකසිය දොලහක් වනු ඇත​.ලෝකයේ රටක් ගොඩ ගත් වයෝවෘද්ධතම නායකයා ලෙස ඔහු ලෝක ඉතිහාසයටද එක් වනු ඇත​.ඒ වන විට ඔහු දිනූ හතර රියනේ රූස්ස ගස්ද දැකිය හැකිය​.

  2. Gon athal says:

    Neela kammba Pal Horek ne..

  3. Sultan says:

    Yes you can loot the central bank 20 times

  4. JUDE PERERA says:

    holman wela awilla rata handanna yanne

  5. සිහ නද says:

    රනිල් කියන්නෙ තනිකරම විකුර්තියක් . තමන් ඉපදුන පවුල් පසුබිමට නොගැලපෙන බැංකු කැඩීම , නිතිය අතට ගෙන කටයුතු කිරීම , තමන්ගේ පක්ෂයට නොගැලපෙන මිනිසුන් සමග එක්ව පක්ෂය අන්ත පහත් තත්වයට ගෙන ඒම . තමන් ඉපදුන සිංහල ජාතියට වින කිරීම . බුද්දාගමට වින කිරීම ගැන නම් පුදුමයක් නෑ මොකද මොහු මුලදර්මවාදී ක්‍රිස්තියානි වීම , එය තාත්තාගේ සහ බාප්පාගේ බලපෑමෙන් විය හැක . බලන්න කියන ගොන් කතා තමන්ගේ වුර්තියට සහ දේශපාලන අත්දැකීම් වලට කිසිම ගැලපීමක් නැති . මිනිස් සංවේදනා නැති විකුර්ති ජීවියෙක් .

  6. Amda says:

    ඉස්සෙල්ලාම….දින 100න් අලුත් රටක්

    ඊට පස්සේ….මාස 60න් අලුත් රටක්

    දැන් …..අවුරුදු 20ක් 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    (ඒත් මහබැන්කුව කොල්ලකන්න දින 100ට කලින් පුලුවන් උනා)

  7. Boo says:

    නරකද ඊට ඉස්සෙල්ලා තමන් හැදිලා හිටියනං පල් හොරා. සුද්දන්ගෙ පල්ල ලෙවකන්නම උපන් මේ වැඩ බැරි වහලා ඉස්කෝලෙන් පස්සෙ එංගලන්තයේ ගිහිං ගත්තු උපාධියකුත් නෑ. කරපු නීතියකුත් නෑ. දෙමවුපියෝ මේකාගෙ ගොං ගතිය ලෝකෙන් වසන් කරන්න රට යවලා ඊට පස්සෙ වෙලාවට ගෙන්නගෙන චන්දෙට දැම්මා. මේ ගොනා එදා ඉඳම්ම රට කෑවා.

  8. Patriot says:

    yeah right people have given 72 yrs including u lot many 5 yrs few times but every time u got power u stopped the war then made sure our brave soldiers have to stay in bunkers, then when u were in power u abused your power creating BATALANDA AND KILLED many innocent youths. Then u lot came to power in 2014 then u robed the bank again killed people that is Easter attacked. After that our economy is go down drastically. Your Anura brother is very much part of that yamaplalanaya, and our people think he is the next man, He is more like u only different is he has a moustache u dont. Go to hell man.

  9. 70 again says:

    70 ට යන ගමන්
    අප මේ යන්නේ නැවතත් 70 වේ අඳුරු යුගයටයි.
    ජවිපාවුන් පවතින පීඩනයන් ඔවුන්ගේ ලේ පිපාසාව සංසිඳුවා ගන්න මාන බලමින් සිටී.
    පවතින රජයේ සෑම වැඩ පිලිවෙලක්ම කඩාකප්පල් කරාවි
    ගුරුවරුන් පාසලෙන් එළියේ පාරවල් වල
    ගොවියන් පාරේ
    වැඩබිම් වල වැඩට වඩා වර්ජන – හැකි තරම් රැකියා නැති වීම
    තව ටික දවසකින් ..
    බස් දුම්රිය ගිනිතියාවී
    කර්මාන්ත ශාලා ගිනිතියාවී
    වැඩකරන ගුරුවරු දොස්තරවරු රජයේ සේවකයන් මරාවි
    ගමේ කඩ චීට් එකෙන් වසාවී
    සරසවි සිසුන් පාරට දමා මිණී කරගසාගෙන යාවි
    පොලීසි ගිනි තියාවි
    සිංහල තරුණ තරුණියන් දස දහස් ගණනක් අහිමි වේවි
    මාධ්‍ය ජාල ඇති තරම් මුදල් සොයාවි
    මේ අතරේ
    දේශපාලුවෝ තම මලු තරකර දරුවන් පිට කර පරම්පරා ගානකට මග හදා ගනීවි.
    රට ගැන සිතන අහිංසකයින් දහස් ගණනක් සිරබත් කාවි
    උසි ගැන්වුවන් පසෙක සිට සිනා වේවි .. පාර්ලිමේන්තු බලයත් ගනීවි

    අපට අවශ්‍ය මේ යථාර්ථය තේරුම් ගන්න පාලකයින් ..
    යාන්තම් කොරෝනා ඉවර වෙද්දී එලියට බහින බුරුවන් හා නරියන් ගාල් කල හැකි පාලකයින් ..
    මිනිසුන් හරිය කියා බාරගත් වැඩ ඉවර කළහැකි පාලකයින් ..
    ආගමික නායකයන් කියන කියන පදයට නටන්නැති ..
    නැති බැරි කම කෙලින් කියා මිනිසුන්ට පහදා දිය හැකි මිනිසෙක්.
    අද අඩියක් පසුවට තබා හෙට ගැන හිතන පුරුෂයෙක් ..

  10. Lol says:

    Muuta kondak kiyala deyak erythema neha
    Karannenama double games weda
    Thoipiwa ellawala madi ratata Kara vinaseta

Main News