රට හදන පදනම දා ගෙන එන විට කොරෝනා වසංගතයෙන් එය අවුල් වුණා….

July 25, 2020 at 8:40 am | lanka C news
රට හදන පදනම දා ගෙන එන විට කොරෝනා වසංගතයෙන් එය අවුල් වුණා….

රට යහපත් දිශාවට ගෙන යන ආණ්ඩු නිර්මාණය කරන්නෙත් ,රට විනාශය කරා ගෙන යන ආණ්ඩු නිර්මාණය කරන්නෙත් ඡන්ද දායකයින් බැවින් එළඹෙන මහ මැතිවරණයේදී තම නියෝජිතයින් තෝරා පත් කර ගන්නා විට ඡන්ද දායකයන් ඒ ගැන ගැඹුරින් සිතා බැලිය යුතු බව අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධිකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවැසීය .

රට වැටී ඇති තැනින් ගොඩ ඒමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ඉදිරියේදී ජන සම්මතවාදිව අගමැති ධුරයට පත් වන මහින්ද රාජපක්‍ෂ මහතාට රටට ආදරය ඇති බුද්ධිමත් ප්‍රයෝගික පිරිසක් අවශ්‍ය වී ඇති බව කී ඒ මහතා ,ඉදිරි මහ මැතිවරණය ඒ සඳහා තීරණාත්මක අවස්ථාවක් යැයි ද සඳහන් කළේය .

හෙට්ටිගේ මහතා මේ බව කීවේ ,මෙවර මහ මැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයට පොදූ ජන පෙරමුණෙන් තරඟ කරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ” පවුර ” සංවිධානය මගින් කුරුණෑගල පොල්ගහවෙල ,කහවත්ත ඇළ දඹදෙනිය , හා බිංගිරිය යන ප්‍රදේශ වල ඉකුත් දා පැවති ජන හමු වලට සහභාගී වෙමිනි .

එහිදී හෙට්ටිගේ මහතා මෙසේද කීය .

මහින්ද රාජපක්‍ෂ මහතාට 2005 දී ලැබුනෙ විනාශයට යමින් තිබුන රටක් .එතුමා ත්‍රස්තවාදය අවසන් කර රට දියුණු කළා .එහෙම හැදූ රට 2015 දී යහපාලනය බාර ගෙන නැවත විනාශය කරා ගෙන ගියා .ඒ විනාශකාරී රට නැවත ගොඩ නගන්න බාර වුනේ ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයට .

රට හදන පදනම දා ගෙන එන විට කොරෝනා වසංගතයෙන් එය අවුල් වුණා .දැන් රටේ තත්වය ගැන කවුරුත් කල්පනා කරන්න ඕනෑ .සියලු දෙනා එක් වී කැපවීමෙන් යුතුව වැඩ කරන්න වෙනවා .එහෙම වුනොත් අපිට යළි නැගිටින්න පුළුවන්.

රටේ පාලන තන්ත්‍රයේ ඉහළම තැන් දෙක අවංක එඩිතර නායකයන් අත තිබීම රටේ ඉදිරි ගමනට ශක්තියක් .

බෙදුම් වාදීන් මෙන් ම විවිධ අන්තවාදීන්නැවත මතු වෙන්න බලනවා .ඒවා පරාජය කළ හැක්කේ ශක්තිමත් ආණ්ඩුවකින් පමණයි . ප්‍රායෝගික බුද්ධිමත් මානව හිතවාදීන්ගෙන් යුත් පාර්ලිමේන්තුවක් පිහිටුවා ගැනීම ජනතාවගේ වගකීමක් .

නොගැලපෙන නියෝජිතයන් තෝරා පත් කර ගෙන පසුව පසුතැවිලි වෙන්න එපා .තමන්ගේ ඡන්දයේ වටිනාකම පුරවැසියන් දැන ගත යුතුයි.යහපත් ආණ්ඩු පත් කර ගන්නෙත් විනාශකාරී ආණ්ඩු පත් කර ගන්නෙත් ඡන්ද දායකයන් .යැයි ද හෙට්ටිගේ මහතා කියා සිටියේය .

– Khmedia

42 views

8 Comments to “රට හදන පදනම දා ගෙන එන විට කොරෝනා වසංගතයෙන් එය අවුල් වුණා….”

  1. kasun says:

    ow ow api dannawa corona asse hondata gas tikatai wali tikatai wada dunne? ewata corona balapaamak nadda pendo

  2. kamal says:

    Indians please don’t talk about buddhism without proper guideline of MY teacher Kiribathgoda monk and i. i love your teacher Buddha and his teacher privious Buddha kasyapa and his teacher privious Buddha Konagamana or his teacher Kakusada Buddha. These four Buddhas land today in very danger. I love you love your teacher kamal or Kiribathgoda monk who are teachers of sinhalese. idiot indians don’t know who am i or innocence modi know me answer for you modi. already late contact my teacher kiribathgoda monk or me.

  3. පොළොන්නරුවේ වැඩ බැරි ටාසන් බාප්පා says:

    නටන්න බැරි මිනිහට පොළොව ඇදයි කිව්වාලු..ටික ටික වැඩේ අවුල් වේ ගෙන එනකොට කියන්න දෙයක් එපැයි.

  4. Kgs basnayake says:

    To develop the country below are the priorities and all of us expect Gota into action on this;
    1. Clear and destroy drug mafia and underworld
    2. Stop/remove political influence to state institutions and corruption carried out by politicians
    3. Improve efficiency in state institutions and enable to everyone to approach these institutions to get the required services (almost all offices are corrupt and no body can do without a bribe)
    4. Improve efficiency of foreign service
    5. Stop imports and increase imports
    6. Enact laws to increase the value of human life (in sti lanka it is worth less than rs 1million, while in other countries it is valued from Rs 50 million to 100 million, eg that cricketers case)

  5. 77 UNP says:

    සම්පුර්ණ ඇත්ත, පාස්කු බෝම්බෙන් සම්පුර්නෙන්ම නැතිවුණ ව්‍යාපාර යන්තම් යථා තත්වයට පත්වෙමින් පවතින අවස්ථාවේ තමයි කොරෝනාව ආවේ. චීනේ කොරෝනා ආරම්භ වූවිට අමුද්‍රව්‍ය නැතිනිසා බොහෝ කර්මාන්තශාලාවල නිෂ්පාදන අඩාල වුණා. අපි ව්‍යාපාරයක් විධියට කර්මාන්තශාලා සහ සංචාරක හෝටල් වලට සේවා සපයන ආයතනයක්. මාර්තු මාසයේ සිටම ව්‍යාපාර පසුබසින්න පටන් අරන් රට lock down කරපු වහාම බිංදුවට වැටුණා. නමුත් කාර්යමණ්ඩල වලට වැටුප් ගෙවන්න ඕන. හැමදේම නිකම් දෙනවා කියන මෝඩයෙක් රටේ නායකත්වයට පත්වුනොත් සදහටම හිඟාකන්නයි වෙන්නේ සියළුම දෙනාට. මම හිතන්නේ නැහැ මේ රටේ මිනිස්සු නිකම් දෙන මෝඩයාගේ වචන වලට රැවටෙවි කියල.

  6. BANGOYYA says:

    හරියටම හරි සර්. වනාන්තර ආරක්ෂාකර ගැනීමට නිකුත්කල 05/2001 චක්‍රලේඛණය අහෝසි කරල, බලපත්‍ර නොමැතිව වැලි, පස් ප්‍රවාහනයට අවසර ලබා දීල, පුරාවිද්‍යා ස්ථාන ටික කඩා බිඳ දමන්න දීල, වැඩ පටන්ගත්ත විතරයි.

  7. MARISIPALA says:

    කොරෝනා ජයගත් විදිය ගැන පම්පෝරි ගහන උත්තමයො කියල දෙනවද, කව්ද කොරෝනා වලට මේ රටට එන්න ඉඩදුන්නෙ කියල. වෛද්‍යවරු සහ විපක්ෂය දිගින් දිගටම අනතුරු අඟවද්දි උද්දච්ඡ කමින් ඔලුව උදුම්මගෙන ආණ්ඩුව විසුරුවල නාමයෝජනා කැදෙව්ව. ඒක කරගන්න ඕන නිසා රට ඉබාගාතෙ ඇරිය. මරණ සංඛ්‍යාව අඩු තමයි. ඒත් ලක්ෂ ගනනක් මිනිස්සුන්ගෙ රැකියා නැතිවෙලා. දරුවන්ගෙ අධ්‍යාපන කටයුතු අඩාලවෙලා. වියට්නාමෙ වගේ ජනතාව ගැන හිතන පාලකයො හියනම් අපිත් අද කරදරයක් නැතිව ජීවත්වෙනව. මේවබයියන්ට නොතේරෙන එක තමයි කරුමෙ.

  8. ක්‍රිමිනල් says:

    ඔගොල්ලන්ට පුලුවන් සංදර්ශන සහ මාධ්‍ය සාකාච්චා විතරයි බ්‍රෝ ! කොහොමත් බෑ !

Main News