‘රණමග ඔස්සේ නන්දිකඩාල්’ ලෝක වාර්තා තබමින් අලෙවියේ.. කමල් ගුණරත්නගේ අත්සන වෙනුවෙන් මහා දිගු පෝලිම්.. [Video]

September 24, 2016 at 9:20 am | lanka C news
‘රණමග ඔස්සේ නන්දිකඩාල්’ ලෝක වාර්තා තබමින් අලෙවියේ.. කමල් ගුණරත්නගේ අත්සන වෙනුවෙන් මහා දිගු පෝලිම්.. [Video]

මේජර් ජනරාල් කමල් ගුණරත්න විසින් රචිත ‘රණ මග ඔස්සේ නන්දිකඩාල්’ කෘතිය මේ වන විට පැවැත්වෙන කොලඹ පොත් ප‍්‍රදර්ශණයේදී පිටපත් දස දහසක් පමණ විකිණි තවත් ඇණැවුම් හත්දහසක් පමන ලැබී ඇති බව පොතේ ප‍්‍රකාශකයා වන විජිත යාපා ප‍්‍රකාශකයන් කියති.

මෙම පොත මේ වන විටත් ශ‍්‍රී ලංකාව තුල අලෙවි වාර්තා තබා ඇතැයිද පවසන එහි සාමාන්‍යාධිකාරී ලක්‍ෂමන් සිරිවර්ධන මහතා තමන් කිසි දිනෙක මෙවන් ඉල්ලූමක් දැක නැති බවද කියයි.

මෙම අලෙවිය මෙරට ජනගහනයට සාපේක්‍ෂව ඇතැම්විට ලෝක වාර්තාවක්ද විය හැකි යයි ඔහු කියා සිටිති.

මේජර් ජනරාල් කමල් ගුණරත්නගේ අත්සන ගැනීම සදහා මීට සිය ගණනක් දුරට පෝලිමක් ඇති අතර මේජර්වරයාද කුටිය ඉදිරිපිටට වී නොනවත්වාම අත්සන් යොදමින් සිටී.

501 views
Main News