රණවිරු දූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව..

December 8, 2016 at 2:06 am | lanka C news
රණවිරු දූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව..

රණවිරු සේවා අධිකාරියේ ශිෂ්‍යත්ව ඒකකයේ මෙහෙයවීමෙන් පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ ආර්.කේ ශාන්තසිරි මහතාගේ සංවිධානයෙන් ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී රණවිරු සේවා අධිකාරියේ උප සභාපතිනි උපුලංගනී මාලගමුව මහත්මියගේ ප්‍රධානත්වයෙන් රණවිරු පවුල් වල දුවා දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවයක් පැවැත්විණි.

ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක වල වෙසෙන යුද්ධයේදී දිවිපිදු හා ආබාධිතවූ රණවිරුවන්ගේ දුවා දරුවන්ගේ අධ්‍යාපන තත්වය නගා සිටුවීමේ අරමුණින් ඔවුන්ගේ අධ්‍යාපන ගමන උසස් අධ්‍යාපනය දක්වා ගෙනයාමට උපකාරයක් වශයෙන් දැනට 6 වසරේ සිට 11 වසර දක්වා පාසල් අධ්‍යාපනය ලබන දරුවන් හට රු.12000/= ක වටිනා කමින් යුත් ශිෂ්‍යත්ව 83ක් පිරිනැමීම මෙහිදී සිදු කෙරිණි.

මෙහිදී රණවිරු සේවා අධිකාරිය මගින් එම දරුවන් වෙනුවෙන් ආරම්භ කරන ලද ඉතිරිකිරීමේ ගිණුමකට මාසිකව මුදල් එකතු කිරීම සිදු කරනු ලැබේ.

– කුමාර ශ්‍රී ජයවර්ධන

0 views
Main News