රණවිරු සිව් නිවුන් දරුවන්ට ජනපති මෛත්‍රී පිහිට වෙයි…
April 10, 2019 at 8:40 am | lanka C news
තම කුළුඳුල් දරු උපතට සූදානමින් උන් ගුවන් හමුදා සෙබළියක වූ අයේෂා දිල්හානිට කුළුඳුලේ ම නිවුන් දරුවන් සිව් දෙනෙකු ම උරුමව තිබුණි. බිළිඳු දියණියන් දෙදෙනෙකුගේ ද, පුතුන් දෙදෙනෙකුගේ ද රැකවරණය, පෝෂණය මෙන් ම සනීපාරක්ෂාව සැලසීම මේ තරුණ මවට අභියෝගයක් වූවාට සැකයක් නැත.
දෙමව්පියන්ගේ ද උදව් උපකාර ලබා ගනිමින් දරුවන් රැක බලා ගත්ත ද, රජයේ සේවකයන් වූ මේ නිවුන් දරුවන්ගේ මව් පිය දෙපළට පමණක් දරුවන් ලොකු මහත් කර ගැනීමේ වැය බර දරනු නොහැකි විය.
“ජනපතිට කියන්න” වැඩසටහන වෙත තමා මුහුණු දී සිටින අභියෝගය පවසා ගරු ජනාධිපතිතුමා වෙතින් උපකාරයක් ඉල්ලා සිටිමට අයේෂා තීරණය කළේ එබැවිනි.
“ජනපතිට කියන්න” වැඩසටහන වෙත ලැබුණු මෙම සුවිශේෂ ඉල්ලීම වෙත කාරුණික වූ ජනාධිපතිතුමා, මෙම දරුවන් හදා වඩා ගැනීම වෙනුවෙන් එක් දරුවෙකු වෙත රුපියල් ලක්ෂ 05 බැගින් දරුවන් සිව් දෙනා වෙත රුපියල් මිලියන 02ක පරිත්‍යාගයක් ලබාදීමට කටයුතු කළේය.
අදාළ මුදල් පරිත්‍යාගය ලබා ගැනීම වෙනුවෙන් අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණි අයේෂා දිල්හානි මහත්මිය ඇගේ ස්වාමිපුරුෂයා, මව සහ නිවුන් දරුවන් සිව් දෙනා සමග ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.
– ජනාධිපති මාධ්‍ය ඒකකය