රණවිරු සුනිල් රත්නායකට ජනාධිපති සමාවෙන් නිදහස…

March 6, 2020 at 10:00 am | lanka C news
රණවිරු සුනිල් රත්නායකට ජනාධිපති සමාවෙන් නිදහස…

මිරුසුවිල් යුද හමුදා කඳවුර ආසන්නයේදී අට දෙනකු ඝාතනය කළ බවට චෝදනා කරමින් මරණීය දණ්ඩනය නියම කළ යුද හමුදා විශේෂ බළකායේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට නියමිතව ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි.

වර්ෂ 2000 දෙසැම්බර් 20 වැනිදා යාපනයේ මිරුසුවිල් හමුදා කඳවුර ආසන්න ප්‍රදේශයේ කළ ක්‍රියාන්විතයේදී ද්‍රවිඩ ජාතිකයන් අට දෙනකු ඝාතනය කළ බවට චෝදනා කරමින් මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක ඇතුළු සෙබළුන් 14 දෙනකු අත්අඩංගුවට ගෙන තිබුණේ එවකට පැවැති රජයේ නියෝග මතය.

එම සෙබළුන් චාවකච්චේරි මහෙස්ත්‍රාත් උසාවියෙන් රිමාන්ඩ් භාරයට පත්කර ඇප මත නිදහස් කළ අතර කොළඹ මහාධිකරණයේ නඩු විභාගයකින් පසුව පළමු විත්තිකරු වූ සුනිල් රත්නායකට මරණීය දණ්ඩනය නියම විය. වසර දහතුනක නඩු තීන්දුවකින් පසුව සුනිල් රත්නායකට මරණීය දණ්ඩනය නියම වූ අතර සෙසු පිරිස නිදොස් කොට නිදහස් කරන ලදී.

මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක රිවිරැස ඇතුළු හමුදා මෙහෙයුම්වලදී රණශූර පදක්කම පවා හිමිකර ගනිමින් ත්‍රස්තවාදයට එරෙහිව සටන් කළ දක්ෂ විශේෂ බළකා භටයකු විය. එම සටන්වලදී ත්‍රස්තයන්ගේ මෝටාර් ප්‍රහාරයකින් එල්ල වූ කැබැල්ලක් ඔහු​ගේ හිස තුළ අදටත් ඇති බව පැවසේ.

– aruna

397 views

26 Comments to “රණවිරු සුනිල් රත්නායකට ජනාධිපති සමාවෙන් නිදහස…”

  1. හිටපු ජනපති නිදහස් කලේ නිදහස් නොකල යුතැ ඝාතකයෙකි රට වෙනුවෙන් සටන් කරපු අය ව පත්තරෙන් වත් දැකල නැහැ

    • OLU says:

      පසුගිය රජය උතුරේ LTTE ත්‍රස්තවාදීන් සතුටු කිරීමට යොදා ගත් එක් පියවරක් තමයි රණවිරු දඩයම .රණවිරුවන් බොරු චෝදනා මත සිරගත කිරීම
      අපේ රණවිරු සුනිල් රත්නායක මහතාට නිදහස ලබා දීම ගැන ගරු ජනපති ගොටාභය රාජපක්ෂ මහතාට අපේ ප්‍රණාමය පුදමු
      බොරු චෝදනා මත සිර ගත කර සිටින සියලුම ආරක්ෂක හමුදාවේ නිලධාරින් නිදහස් කරන මෙන් ගරු ජනපති තුමාගෙන් ඉල්ලමි
      රට රැකි ,අප රැකි ,අපේ රණවිරුවන් රැකීම සියලුම ලාංකිකයන්ගේ වගකීමයි යුතුකමයි

      • harsha says:

        නඩුව දැම්මේ 2000 නම් 2005 ජනාධිපති වෙච්ච ගමන් මහින්දට නඩුව අයින් කරන්න තිබුණානේ.

  2. Sadda says:

    Mohu nidahas karana thuru api bala inne mahath noiwasillen. Ikmanin nidahasa labewa!

  3. Buddhist says:

    Slap on the face of the Judiciary and the international community will take this too as a point to throw on the face of SL at the next UN session. Get ready for international sanctions Sri Lanka.

    • John the Baptist says:

      Who cares about the so-called international community?
      Ask them to go and fly a kite!

    • මාතුපාල says:

      එතකොට ඔය ජාත්‍යාන්තරය කියන අටමගලෙ ඉන්න
      බැල්ලිගෙ පුතාල/දුවල, අහිංසක යුවතියක් දූෂණයකර,
      උස්සා පොලොවේ ගසා අති කෲර අන්දමට ඝාතනය
      කල ජූඩ් නමැති කුඩුකාර තිරිසනාව මරණ දඬුවමින්
      නිදහස් කලාට මොකුත් කියන්නේම නැත්ද?

  4. ලයනල් දොලපිහිල්ල says:

    සනාථ නොකල බොරු සාක්ෂියක් මත මරණ දඬුවමට  නියම කල සුනිල් රත්නායක රණවිරුවාට
    නිදහස ලබාදීමට අතිගරු ජනාධිපතිතුමා ගත් තීරණය අති විශිෂ්ඨයි.

  5. ගමරාළ says:

    මොහු නිදහස් කර්න්නා සේම රනව්‍ රැ වො පාවාදීම ට නිති සැදු පින්සිරි ලොල්ලා වැන්නවුන් ට ව්‍ රැද්දව දැඩ්ව නිතිය ක්‍රියාත්මක කලයුතුයි .

Main News