‘රණවිරු සුවඳ 2017’
April 4, 2017 at 2:33 am | lanka C news
රණවිරු සේවා අධිකාරියේ මෙහෙයවීමෙන් වාර්ෂිකව පවත්වනු ලබන රණවිරු සුවඳ සාහිත්‍ය තරඟාවලිය සඳහා අයදුම්පත් භාර ගැනීම මේ වනවිට ආරම්භ කර ඇති අතර අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2017/ 04 /28 දිනෙන් අවසන් වේ.
රණවිරුවන් සහ ඔවුන්ගේ ළඟම ඥාතීන්ගේ සාහිත්‍ය සහ සෞන්දර්යය කලා කුසලතාවයන් එළි දැක්වීම මෙන්ම කලාවේ සංවේදී සංස්පර්ශය තුළින් රණවිරුවෙකු සමාජානුයෝජනය කිරිමට ද, චින්තමය වෙනස සකසා විනිවිද දක්නා නුවණ තුළින් පුද්ගල මනෝභාවයන්, පොදු මානවීය දුර්වලතා සහ මානව සබඳතා අවබෝධයෙන් යුතුව වැළඳ ගැනීමට ද, කලාව රණවිරුවන්ගේ භාවිතයට යොදා භාවමය නිෂ්පාදිතයන් උසස් තත්වයකට නගා සිටුවීමට ද, මෙම රණවිරු සුවඳ සාහිත්‍ය තරඟාවලිය පැවැත්වීමේ ප්‍රධාන අරමුණු අතර වේ.
රණවිරු දූ දරු හා අවිවාහක සහෝදර සහෝදරියන් (අවු.26 ට අඩු) තරඟ අංශය, රණවිරු තරඟ අංශය සහ රණවිරු දෙමාපියන්, බිරින්දෑවරුන් සහ අවිවාහක සහෝදර සහෝදරියන්ගේ (25 ට වැඩි ) තරඟ අංශය ආදී වශයෙන් අංශ 03ක් යටතේ මෙම සාහිත්‍ය තරඟාවලිය පැවැත්වීමට නියමිතය. ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා මුදල් ත්‍යාග,සම්මාන සහ සහතිකපත් තිලිණ කෙරේ.
මෙම රණවිරු සුවඳ සාහිත්‍ය තරඟාවලිය සඳහා රණවිරු සේවා අධිකාරියේ 011-2055673,76 යන දුරකථන අංකයන්ගෙන් විමසීම් කළ හැකිය
ආචාර්ය දොන් ඩොනල්ඩ් කුමාර ශ්‍රී ජයවර්ධන,
අධ්යක්ෂ,
රණවිරු සේවා අධිකාරිය