‘රණවිරු සේවා අධිකාරිය’ අවභාවිත කල අයෙක් අත්අඩංගුවට..

February 4, 2017 at 8:03 am | lanka C news
‘රණවිරු සේවා අධිකාරිය’ අවභාවිත කල අයෙක් අත්අඩංගුවට..

රණවිරු සේවා අධිකාරියේ මගින් ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් යැයි කියමින් රණවිරු සෙවණ නම් නිවස ව්‍යාපෘතියක් සඳහා ව්‍යාජ ලේඛන සකසා පාදුක්ක නගරයේදී මුදල් එකතු කල අයෙක් පාදුක්ක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පාදුක්ක පොලිස් ස්ථානාධිපතිවරයා වෙත රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ දොන් ඩොනල්ඩ් කුමාර ශ්‍රී ජයවර්ධන මහතා කළ පැමිණිල්ලකට අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

රණවිරු සේවා අධිකාරියේ කිසිදු ව්‍යාපෘතියක් සඳහා මෙලෙස මහජන මුදල් එකතු කිරීමක් සිදු නොකරන අතර කූට උපක්‍රම මගින් ව්‍යාජ ලෙස මුදල් එකතු කරන පුද්ගලයන්ට නොරැවටෙන ලෙස රණවිරු සේවා අධිකාරිය මහජනතාවයෙන් ඉල්ලා සිටී.

– ඩොනල්ඩ් කුමාර ශ්‍රී ජයවර්ධන

16 views

One Comment to “‘රණවිරු සේවා අධිකාරිය’ අවභාවිත කල අයෙක් අත්අඩංගුවට..”

  1. Desapremiya says:

    Aheniya mu sirikothe dankuda kana ekek wage.

Main News