රතනසාර හිමි ගෙදරදීම වාදයෙන් පැරදුනාද.. පිටිදුවේ හිමිගෙන් ප්‍රබල ත්‍රිපිටක ප්‍රහාරයක්..
April 22, 2017 at 10:51 pm | lanka C news
බුදු දහම සම්බන්ධයෙන් තමන් හා වාදයකට එන්නැයි පූජ්‍ය පිටිදුවේ සිරිධම්ම හිමියන්නට අභියෝග කල විල්ගමුවේ රතනසාර හිමිට පිලිතුරු වීඩියෝවක් සිරිධම්ම හිමියන් විසින් ප්‍රසිද්ධ කර ඇත.
උන් වහන්සේ එහිදී සදහන් කරන්නේ බුදු දහමේ ඇත්තේ ජීවිත ආශාව නැති කරන ක්‍රමයක් ගැන නිසා ජීවිත ආශාව ඇති හිමි නමක් සමග වාද කිරීමෙන් පලක් නැති බවයි.
එමෙන්ම කලින් රතනසාර හිමියන් කියා සිටි පරිදි මහානායක හිමිවරුන් තිදෙනාගේ අවසර ලිපි රැුගෙන එන ඕනෑම මොහොතක තමන් රැස් වලල්ලද රැගෙන විවාදයට වඩින බවද කියා සිටිති.