රතන සාදුගේ රහස් කතා හෙල උරුමය හෙලි කරයි.. පිනට දුන් එජාප මන්ත‍්‍රීකම ආපසු ඉල්ලයි..

January 27, 2017 at 3:23 am | lanka C news
රතන සාදුගේ රහස් කතා හෙල උරුමය හෙලි කරයි.. පිනට දුන් එජාප මන්ත‍්‍රීකම ආපසු ඉල්ලයි..

සයිටම් පුද්ගලික විශ්ව විද්‍යාලයට උද්ඝෝෂණ කළ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලේ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම හා අතුරලියේ රතන හිමියන් ස්වාධීන වීමට තීරණය කිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවක් ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විනි.

මෙම අවස්ථාව ස‍ඳහා ජාතික හෙළ උරුමයේ සමසභාපති පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමි, මධ්‍යම කාරක සභික සූරියවැවේ සුමේධ හිමි, ජාතික සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, නියෝජ්‍ය මහලේකම් කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප්, අධ්‍යාපන ලේකම් බෝසෙත් කළහේපතිරණ යන අය සහභාගීවූහ.

සමසභාපති පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමි –

සාකච්ඡාවට බඳුන්ව ඇති සයිටම් ආයතනය පිළිබඳව අප පක්ෂයේ ස්ථාවරය මීට පෙර පැවත්වූ මාධ්‍ය සාකච්ඡා ගණනාවකදීම පැහැදිලි කළා. මෙහිදී අප අවධානය යොමු කරන්නේ පසුගිය දිනවලදී අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය නියෝජනය කරන භික්ෂූන් වහන්සේලා ඇතුළුව 07 දෙනකු අත්අඩංගුවට ගැනීම හා තවත් එකළොස් (11) දෙනකුට එරෙහිව වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධවයි. ඒ පිළිබඳව කථිකාචාර්යතුමන් විසින් ඉදිරියේ කරුණු දක්වන නිසා රතන හිමියන් ස්වාධීන වීමට ගනුලැබූ තීරණය සම්බන්ධයෙන් අපේ අදහස ප්‍රකාශ කරන්නට මා බලාපොරොත්තු වනවා.

අප හිතවත් අතුරලියේ රතන හිමියන් වර්තමානයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයට පත්ව තිබෙන්නේ එක්සත් ජාතික පෙරමුණේ ඡන්ද වලින් ලැබුනු ජාතික ලැයිස්තුවට අනුව ජාතික හෙළ උරුමය නියෝජනය කරමිනුයි. පෞද්ගලිකව ස්වාධීන වීමට උන්වහන්සේට ඇති අයිතිය අපත් පිළිගන්නවා. නමුත් මේ මන්ත්‍රීධූරය උන්වහන්සේට හිමිවුනේ පෞද්ගලිකව නෙවෙයි. අප පක්ෂයක් ලෙස එක්සත් ජාතික පෙරමුණ සමඟ ඇතිකරගත් ගිවිසුමට අනුව ජාතික හෙළ උරුමයට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයක් හිමිවුනා. එම මන්ත්‍රීධූරයට රතන හිමියන්ව පත්කරනු ලැබුවේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවයි. 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව පැවති ප්‍රථම මධ්‍යම කාරක සභාව විසින් ඒ තීන්දුව ගැනීමට පෙර යම් දිනක පක්ෂයේ ප්‍රතිපත්ති හෝ තීරණවලට පරිබාහිරව කටයුතු කරනවා නම් ඊට මත්තෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉවත්ව කටයුතු කරන බවට උන්වහන්සේ පොරොන්දු වුනා.

රතන හිමියන් විසින් ලබාදුන් ඒ පොරොන්දුව ප්‍රකාරව උන්වහන්සේ දැනට නියෝජනය කරන මන්ත්‍රීධූරයෙන් ඉවත් වියයුතු බවට පසුගිය දා රැස්වූ ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභාව තීරණය කළා. ඒ අනුව ඒ තීරණය ලිඛිතව උන්වහන්සේ වෙත දන්වා යැවීමටත් තීරණය වුනා. ඒ නිසා යුක්තිගරුක සාධාරණ සමාජයක් වෙනුවෙන් පෙනීසිටින බව නිතර ප්‍රකාශ කරන අතුරලියේ රතන හිමියන් මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වී යුක්තිගරුක භාවය සහා සාධාරණත්වය උන්වහන්සේගේ භාවිතාවෙන්ම පෙන්නුම් කරයි කියලා අප විශ්වාස කරනවා.

මා පෙර සඳහන් කළ පරිදි රතන හිමියන්ට මන්ත්‍රීධූරය හිමිවූයේ එක්සත් ජාතික පෙරමුණ දිනවීමට ඡන්දය දුන් ජනතාව නිසායි. ඒ නිසා එලෙස ඡන්දය දුන් ජනතාවගේ අපේක්ෂාවන් ඉටුකිරීමේ වගකීමෙන් හා යුතුකමින් බැහැරවෙනවා නම් උන්වහන්සයේ ප්‍රථමයෙන්ම මන්ත්‍රීධුරයෙන් ඉවත් වියයුතුයි.

නියෝජ්‍ය මහලේකම් අනුරුද්ධ ප්‍රදීප් මහතා,

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ක්‍රියාකාරීන් පිරිසක් අද උදෑසන අපව හමුවන්න අපේ කාර්යාලයට ඇවිත් ඔවුන්ගේ ප්‍රශ්න හා ගැටළු පිළිබඳව අපව දැනුවත් කළා. අපි පක්ෂයක් විදියට ශිෂ්‍යයන් ලවා දේශපාලනය කරන කණ්ඩායමක් නෙවෙයි. මේ ශිෂ්‍යයන් සමඟ අප සමඟ පෞද්ගලික හිතවත් කමක් ඇතිඅය නොවන බවත් පළමුවෙන්ම සිහිපත් කළයුතුයි.

පුද්ගලික විශ්ව විද්‍යාල කිසිවිටෙකත් ආරම්භ නොකළ යුතුබව ජාතික හෙළ උරුමයේ ස්ථාවරයයි. ඒ සම්බන්ධයෙන් අපේ ස්ථාවරය බොහොම පැහැදිලිව අප විසින් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම සයිටම් ආයතනය සම්බන්ධව අපේ විරෝධයත් අපි ඉදිරිපත් කරලා තියෙනවා. මේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ආරම්භ කරද්දී වෛද්‍ය විද්‍යාලයක් පිහිටුවීමේ අදහසක් නොතිබුනු බව ඔවුන් විසින්ම පිළිගෙන තිබෙනවා.

ඒ වගේම පසුගිය කාලයේදී තම ආයතනයට වෛද්‍ය සභාවේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලැබුනු බවට සයිටම් ආයතනය විසින් පුවත්පත් දැන්වීම් ඵලකරනවා අපි දැක්කා. ඒත් රජයේ වෛද්‍ය සභාව විසින් එවැනි කිසිඳු අනුමැතියක් ලබාදීලා නැහැ. එහෙම තියෙද්දීත් අසත්‍ය ප්‍රකාශයන් කරන සයිටම් ආයතනයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවීම කණගාටුදායකයි. රෝහලක් නැතිව වෛද්‍ය පුහුණුව ලබාදෙන ලෝකයේ එකම ආයතනය සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පමණයි. සයිටම් ආයතනයෙන් වෛද්‍ය පුහුණුව දෙන එක හරියට පිහිනුම් තටාකයක් නැතිව පිහිණුම් පුහුණු ආයතනයක් පවත්වාගෙන යනවා වගේ වැඩක්.

මේ ආයතනය විසින් එක් ශිෂ්‍යයෙක් ගෙන් ලක්ෂ 120 බැගින් අයකරගෙන ලක්ෂ 1000කට වඩා ලොකු වංචාවක් කරලා තියෙනවා. විභාග දෙපාර්තමේන්තුව ලබාදෙන ප්‍රතිඵලය ප්‍රශ්න කරන්න අයිතියක් නැහැ වගේ වෛද්‍ය සභාව විසින් ලබාදෙන තීන්දුවක් අභියෝග කරන්න කාටවත් බැහැ. නමුත් සයිටම් වෙත වෛද්‍ය අනුමැතිය ලබානොදීමට දෙනලද තීන්දුව අභියෝගයට ලක් කරන්නට සයිටම් ආයතනය විසින් කටයුතු කරලා තිබෙනවා.

එලෙස අකටයුතුකම් කරන සයිටම් ආයතනයට විරුද්ධව උද්ඝෝෂණය කළ විශ්ව විද්‍යාල සිසුන් අත්අඩංගුවට ගැනීමටත් ශිෂ්‍ය නායකයකු වන ලහිරු වීරසේකර ඇතුඵ තවත් 11 දෙනකුට වරෙන්තු නිකුත් කිරීමටත් පෙර වෛද්‍ය සභාවට අභියෝග කරමින් තක්කඩිකම් කරන සයිටම් ආයතනයට විරුද්ධව ක්‍රියාකළ යුතුයැයි අප විශ්වාස කරනවා.

– මහේෂ් රංගන ජයරත්න

24 views

6 Comments to “රතන සාදුගේ රහස් කතා හෙල උරුමය හෙලි කරයි.. පිනට දුන් එජාප මන්ත‍්‍රීකම ආපසු ඉල්ලයි..”

  1. Hon Yama යම රජ්ජුරුවෝ says:

    මුන් ගෙ වැඩ නිසා මට තමයි කරදරේ.
    මුන් ව දාන්න දැන් ඉතින් වෙනම අපායක් ඩිසයින් කරල හදන්න එපැයි.

    ආගම ජාතිය විකුණං කාපු උන්ට දෙන්න අලුත්ම ජාතියේ වද 62 ක් එක්ක​.

    ලොකුම වදේ තමයි අවීචියෙන් එන ටොයිලට් සාරය උරා බීම​.
    හැබැයි ඉතින් මුන් ඒකත් බස බස ගාල උරයි රස කර කර​. මිනිස් ලෝකෙ දී සිරිකොතේ අසූචි කාපු උන් නේ.

  2. Sihala Yaka - සිහල යකා says:

    “ඒ නිසා එලෙස ඡන්දය දුන් ජනතාවගේ අපේක්ෂාවන් ඉටුකිරීමේ වගකීමෙන් හා යුතුකමින් බැහැරවෙනවා නම් උන්වහන්සයේ ප්‍රථමයෙන්ම මන්ත්‍රීධුරයෙන් ඉවත් වියයුතුයි.”

    හිකිස් චීවර ධාරි ගිහි මහත්තයෝ, එහෙනම් පාර්ලිමේන්තුවෙ ඉන්න තමු නැහෙලා සපෝට් දෙන වැඩි හරියක් දෙනා අස් වෙන්න ඕන​. මිනිස්සුන්ට ඕන ඒවද මේ කරන්නේ?

  3. Ratne says:

    Hooooi.oooo

  4. බන්ඩයියා says:

    අපි රතනගෙ කටුසු දේසපාලන ස්ථාවරයෙ ඉන්න අය නෙවෙය්. නමුත් මෙතන රතනගෙ ස්ථාවරය හරි කියන එක නම් පෙන්වන්න ඔිනාමය්. රතන පත් උනෙ ඒජාපෙ චන්ද වලින් බව අැත්ත. ඒත් එදා ඒජපෙට සහ හංසයට ලැබුනු චන්ද අද හංස ස්ථාවරයෙ එජාප ස්ථාවරයෙ නැහැ. ඒ් කියන්නෙ රතන දැන් අරගන තියෙන්නෙ අද ජනතාවගෙ ස්ථාවරය නම් එයා ඉල්ලා අස්වෙන්න අවශ්‍ය නැහැ කියන එකය් අපේ වැටහීම.

  5. kamasiri Kuruwita says:

    හෙළ උරුමයේ දැන් ඉන්නේ මෙලෝ මගුලක් දන්නේ නැති පුස්සෝ ටිකක් . නෙවිල් ප්‍රනාන්දු මෙඩිකල් කොලෙජ් එකට පුහුණුවීම් රෝහලක් නැහැ කියන එකෙන්ම තේරෙනවා මුන් ඒ පැත්ත පලාතක වත් ගිහින් බලලා නැතුවයි කතා කරන්නේ කිසිම දෙයක් දන්නේ නැතුව.

  6. pp says:

    ane hela oromaya don jowanta kade yana tharama.