රතන හිමිගේ උපවාසයට මල්වතු-අස්ගිරි පාර්ශවවල දැඩි විරෝධය…

June 5, 2019 at 10:00 am | lanka C news
රතන හිමිගේ උපවාසයට මල්වතු-අස්ගිරි පාර්ශවවල දැඩි විරෝධය…

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් මහනුවර දළදා මාලිගාවේ මහ මළුවේ මාරාන්තික උපවාසයක් සිදුකිරීම සම්බන්ධයෙන් මල්වතු-අස්ගිරි පාර්ශවයන්හි දැඩි විරෝධය එල්ල වී තිබේ.

තමන් වහන්සේ උපවාසයක් කරන්නේ යැයි මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක රතන හිමියන් පවසා ඇතත් එසේ කරන්නේ කුමන ස්ථානයකදැයි පැහැදිලි නොකර දළදා මාලිගාවේ මහ මළුවේ රතන හිමියන්ගේ උපවාසය ආරම්භ කර ඇති බව එම නිකායන්  හිමිවරුන් කියා සිටිති.

මේ සම්බන්ධයෙන් අද දිනයේ රැස්වීම් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද එමහිමිවරුරන් කියා සිටිති.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාද යම් ප්‍රමාණයක දැනුවත් කිරීමක් දැනටමත් සිදු කර තිබේ.

ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවේ සිදු කරන ලද උපවාසය හේතුවෙන් එම පූජනීය ස්ථානයේ අනවශ්‍ය කෑකෝ ගැසීම්, හූ කීම්, වෛර වෛරීසහගත ප්‍රකාශ මෙන්ම ස්ථානය දැඩිලෙස අපිරිසුදු වීමක් සිදුව ඇතැයි ද දළදා මාලිගාවේ භාරකරුවන් වන අස්ගිරි මල්වතු මහනායක හිමිවරුන්ට මාලිගාවේ තේවා කටයුතු කරන්නන් විසින් පෙන්වා දී තිබේ.

මීට පෙර කිසිදු අවස්ථාවක දළදා මාලිගාව මේ ආකාරයේ අවභාවිතාව නැති බවද ඔවුන් මහනාහිමිවරුන්ට පෙන්වා දී ඇත.

බෞද්ධයන්ගේ මුදුන්මල්කඩක් වන් දළදා මාලිගාව හඑ මළුවේ සිට වෛරීසහගත ප්‍රකාශ සිදු කිරීම, සියදිවි නසාගැනීමට උත්සාහ දැරීම ආදී කටයුතු සඳහා කිසිදු ඉඩක් නොමැති බවත් එය බුද්ධ දර්ශනයේ මුලික හරයන්ට අනුකූල නොවන බවත් රතන හිමියන්ගේ උපවාසය සහමුලින්ම දේශපාලනික උවමනාවත් වෙනුවෙන් කරන ලද කටයුත්තක් යයිද නිකායන්හි ප්‍රධාන හිමි වරුන්ගේ මතය වී ඇත.

71 views

34 Comments to “රතන හිමිගේ උපවාසයට මල්වතු-අස්ගිරි පාර්ශවවල දැඩි විරෝධය…”

  1. chinthu says:

    nothoookin mahanayaka…… mun mahanayaka neme…. maha ho…. nayaka….

  2. Premalal stoke says:

    අනේද කියන්නේ ඇතුල් ඉඳලා රනිල් වික්‍රමසිංහට රෙදි නැතුව කඩේ යන්ඩ හොඳයි.
    අපිට පව් පුරවන්ඩ එපා මහ නායක හාමුදුරුවනේ

    • කියන කාරනේ තේරුම්ගන්න බැරි ගොං හරක්. සේරම බලන්නෙ දේශපාලනය විතරයි.

  3. අංකූරා says:

    රතන හාමුදුරුවෝ කොහොමත් මිනිස්සු දානෙවත් නොදෙන තරමටම වාගෙ ප්‍රතිකේෂ්ප වෙලා හිටියේ , උන් වහන්සේට .මේ වාගෙ දෙයක් කරන්න වෙලා තිබුනේ , වෙන මොනවා කරන්න ද ?. දැන් ඉතිං ප්‍රශ්න ගොඩයි !!.

  4. ruwan says:

    එතකොට ඔය කියන අවිහිංසක කලාපයේ සිටි අහිංසක සුනකයින් 35ක් මහ රෑ වාහනයක් ගෙනැත් අතුරුදන් කලේ අපි වෙන්න ඇති.

  5. Saradiel says:

    එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වහාම පක්ෂයෙන් ඉල්ලා අස්විය යුතුය

  6. Lebbe says:

    බදුර්දීන්, අසාද් සාලි, හිස් බුල්ල ගෙන් හොද ගානක් අටපිරිකර, පලතුරු වැට්ටි නැතුවම හම්බවෙලා වගේ

  7. Devine says:

    I totally agree with Seaturtle, Raterala, Premalal Stoke and Lebbe. What have these Mahanayakas’ done to save the Buddha sasane or the Sinhala Jaathiya. Their main job seems to be to tie “pirith noole” on the wrists of ROGUE POLITICOS. I have much more respect for the cardinal who came to see Ven Rathana thero.

Main News