රතන හිමිගේ පන්සලට පොලිසියෙන් පනී.. කොඩියේ ලේකම් හිමි පැහැරගත් බවට චෝදනා.. රතන හිමි අතුරුදහන්..

August 22, 2020 at 10:03 pm | lanka C news
රතන හිමිගේ පන්සලට පොලිසියෙන් පනී.. කොඩියේ ලේකම් හිමි පැහැරගත් බවට චෝදනා.. රතන හිමි අතුරුදහන්..

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වැඩ වාසය කරන රාජගිරියේ පිහිටි සදහම් සෙවන විහාරස්ථානයට අද පස්වරුවේ පොලිස් නිලධාරීන් පිරිසක් ගොස් තිබේ.

කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු පිරිසක් මෙසේ පැමිණ තිබුණේ රතන හිමියන්ට එරෙහිව ලැබුණු පැමිණිල්ලක් මතයි.

නමුත් එම අවස්ථාවේ රතන හිමියන් විහාරස්ථානයේ නොසිටි අතර දුරකථනය මගින් රතන හිමියන් දැනුම් දී ඇත්තේ හෙට දිනයේ සාකච්ඡා කිරීමට පොලිසියට එකඟ වූ බවයි.

අපේ ජන බල පක්ෂය මහ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් රතන හිමියන් විසින් පැහැර ගත්තේ යයි කොළඹ පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කර තිබිණ.

ජනාධිපතිවරයාගේ නිල නිවස ආසන්නයේ දී මෙම පැහැර ගැනීම සිදු ව ඇතැයි උන් වහන්සේ පැමිණිල්ලේ සඳහන් කර ඇත.

මේ අතර රතන හිමියන් මැතිවරණ කොමිසමේ පසුපස දොරටුවකින් එම කාර්යාලයට ඇතුළු වන විඩියෝවක්ද සමාජ ජාලවල හුවමාරු වෙමින් තිබේ.

30,298 views

9 Comments to “රතන හිමිගේ පන්සලට පොලිසියෙන් පනී.. කොඩියේ ලේකම් හිමි පැහැරගත් බවට චෝදනා.. රතන හිමි අතුරුදහන්..”

  1. Alapaluwa says:

    ස්වාදීන නොවන මැතිවරණ කොමිසමේ කොටි බූලා රතන හාමුදුරුවන්ට ෆුල් සපෝට්.

    • kamal says:

      අනේ සුනන්ද මාමේ, මේ seat එක cancel කරන්ඩ කෝ,

  2. RED BULL says:

    අපිටත් තියනව පරණ ඇරියස් එකක් අපේ ගමේ එකෙක් එක්ක​.මේ වැඩේ බාර දෙන්න ඕන රතනට.

  3. SL says:

    තණ්හාය ජායති සෝකො.පෘඨකජන මිනිසුන්හ ගේ වත් කොදකින හරිම අප්‍රසන්න හැසිරීමක්.
    සිවුරෙන් වැහිල ඉන්න අමු ආශා කාරයෝ

  4. RED BULL says:

    අතන මෙතන රතන හොයල වැඩක් නැහැ.ටිකිරි කොටුවෙ එළවලු පාත්ති අස්සෙ බලන්න.වස විස නැති වස කොඩිය වන වනා එතන ඇති රතන​.

  5. B4 UNP now Gota says:

    පැහැර ගැනිම් කරපු කෙනෙක් එක්ක මොන හෙට මොන සාකච්චා ද?

    මෙයාගේ නැටුම් වැඩියි. ඇතුලට දාන්න තියෙන්නේ සෙල්ලම් නැති වෙන්නම.

  6. Dikman Aiyya says:

    …..how beautiful,…..see the way all these YAHAPAALANA fellows are getting destroyed,….Curse of the people for what they have done to our motherland last 5 years,….See the way MY3 and them running away from the media,….feel sorry….cursed fellows….

  7. ඇත්ත යථාර්ය says:

    ඤාණසාර හිමි පමණයි මන්තිරීමට සුදුසු. රතන හිමි අයින් විය යුතුය.

  8. අරුණ කුමාර දිසානායක says:

    මේ නරියාට(නරියනි සමා වත්වා, ඔබට වන අපහාසයට )පුකට දෙකක් දීල දොට්ට දාන්න මට හයි හත්තියක් නැති කමට ඉවසනව.තඩි නානු සාරවත්, මූවත් එක චීවර ධාරියෙක් වත් පාර්ලීමේන්තුවට ඕනැ නෑ.

Main News