රතන හිමිට අබසරණයි.. මන්ත්‍රී ධුරය ගැන හෙල උරුමයේ තීරණයකට එජාපය එකග වේ..
March 18, 2017 at 3:00 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂ ජාතික ලයිස්තුවෙන් පත් කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ මන්ත්‍රී ධූරය ගැන ජාතික හෙළ උරුමය ගන්නා තීන්දුවට එකග වීමට එක්සත් ජාතික පක්ෂය තිරණය කර ඇත.
ජාතික හෙල උරුමයට ලබා දීමට පොරොන්දු වූ මන්ත්‍රී ධුරයට දැන් දරන රතන හිමියන් ස්වාධීන වූ බව පවසන නිසා එම මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ හෙල උරුමය විසින් බව එජාපයේ අදහසයි.
එක්සත් ජාතික පක්ෂය සමග ගිවිසුම් ගතව ඇත්තේ ජාතික හෙළ උරුමය සමග මිස රතන හිමියන් සමග නොවන නිසා එම පක්ෂයේ තීරණය එකග වීමට එජාපය සූදානම් යයිය වාර්තා වෙයි.