රතන හිමිත් ආණ්ඩුවට පක්‍ෂ වේ.. දැන් ආණ්ඩුව 104යි එජාපය 98යි..

November 4, 2018 at 12:00 pm | lanka C news
රතන හිමිත් ආණ්ඩුවට පක්‍ෂ වේ.. දැන් ආණ්ඩුව 104යි එජාපය 98යි..

තමන් විපක්‍ෂයේ සිටිමින් ආණ්ඩුවට සහාය දැක්වීමට තීරණය කල බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සදහන් කරති.

ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්‍ෂ මහතා අගමැතිවරයා ලෙස පත් කිරීම තමන් වහන්සේ අනුමත කරන බවද උන් වහන්සේ පවසති.

රතන හිමියන් මේ අදහස් පල කලේ රාජගිරියේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පවතින තත්වය මත වහා පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැදවන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් උන් වහන්සේ එහිදී සදහන් කලහ.

මෙම තත්වයත් සමග ආණ්ඩුවට සහාය දෙන මන්ත‍්‍රී ධුර සංඛ්‍යාව 104 දක්වා ඉහල නැග ඇති අතර එජාපයේ මන්ත‍්‍රී ආසන ගණන 98 දක්වා පහත බැස ඇත.

131 views
Main News