රතන හිමියන් රට හොල්ලන තීන්දුව ගනී.. දලදා මැදුර ඉදිරියේ මියෙන තෙක් උපවාසයක් අරඹති.. බදියුදීන්-සාලි-හිස්බුල්ලා ඉවත් කරනු..

May 31, 2019 at 10:40 am | lanka C news
රතන හිමියන් රට හොල්ලන තීන්දුව ගනී.. දලදා මැදුර ඉදිරියේ මියෙන තෙක් උපවාසයක් අරඹති.. බදියුදීන්-සාලි-හිස්බුල්ලා ඉවත් කරනු..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරියේදී මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

ඇමති රිෂාද් බදුර්දීන්, නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා, බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි එම ධුරයන්ගෙන් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලමින් රතන හිමියන් මෙම උපවාසය සිදු කරයි.

මෙම තිදෙනා ධුරයන්ගෙන් ඉවත් කිරීමට රතන හිමියන් විසින් ජනාධිපතිවරයාට පෙරේදා දිනයේ පැය 24ක කාලයක් ලබා දුන් අතර කාලය අවසන් වූ පසු සාකච්චා කර මෙම තීරණය ගෙන ඇත.

38 views

83 Comments to “රතන හිමියන් රට හොල්ලන තීන්දුව ගනී.. දලදා මැදුර ඉදිරියේ මියෙන තෙක් උපවාසයක් අරඹති.. බදියුදීන්-සාලි-හිස්බුල්ලා ඉවත් කරනු..”

  1. Saman says:

    ” How cool is the Change ”

    ” Wenasa Sapada Hamuduruwane”

    Yahapalana goyyek lata wenawa

  2. Upasaka says:

    ජාතියට විපතක් ක‍රන්න යහපාලනයට ඉඩදෙන්නේ නැ කියල දළදා හාමුදුරුවන් ළග පොරෝන්දුවී අපෙචන්දේ යහපලනෙට දෙන්න යහපලෙනට සහතික දීපු රණවිරුන්ට ගරහමින් මහජාතියට කෙලොපු පහුගිය අවුරුදු 4 ම කාබනික වගාබිමක වකුගඩු හොයපු ඔබ වහන්සේ හදිසියේම අවදිඋනේ ඇයි හාමුදුරුවනේ

  3. Kumari says:

    අම්පාර පොතුවිල් මුහුදු මහා විහාර මාවත ඇතුළු නගරයේ සියලු පටු මාර්ග වල අරාබි බස හා අරාබි නම් ඇතුලත් පුවරු සවිකර ඇත.මුහුදු මහා විහාර මාවත නමින් මෙතෙක් කල් හැදින්වු මාර්ගය මේ වන විට සිංහල භාෂාව දෙවන ස්ථානයට යොදා මස්කිතුල් ෆ්ලාහර් පාර ලෙස නම් කර තිබෙ.

    නැගෙනහිර පළාතේ හිස්බුල්ලා අපිව විනාශ කරනවා.

Main News