රතන හිමි අත්අඩංගුවට ගන්නැයි කියයි.. විමලතිස්ස හිමි මන්ත‍්‍රීකමින් අස්කරවා තමන්ගේ නම යවා ඇත්තේ බලහත්කාරයෙන්..

August 25, 2020 at 10:32 pm | lanka C news
රතන හිමි අත්අඩංගුවට ගන්නැයි කියයි.. විමලතිස්ස හිමි මන්ත‍්‍රීකමින් අස්කරවා තමන්ගේ නම යවා ඇත්තේ බලහත්කාරයෙන්..

පුද්ගල පැහැරගැනීමක් සම්බන්දයෙන් චෝදනා එල්ල වන පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ව අත්අඩංගුවට ගන්නා ලෙස පූජ්‍ය හුණුපිටියේ චන්ද‍්‍රසිරි හිමියෝ පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටිති.

අපේ ජන බල පක්‍ෂයේ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් සගවාගෙන සිටින්නේ රතන හිමියන් විසින් බවද උන් වහන්සේ පැවසූහ.

විමලතිස්ස හිමියන් මන්ත‍්‍රී ධුරයට නම් කිරීම බලහත්කාරයෙන් ඉල්ලා අස්කරවාගෙන රතන හිමියන් තම නම බාර දී ඇති බවත් උන් වහන්සේ හෙලි කලහ.

විමලතිස්ස හිමියන් පැහැරගෙන යාම සදහා නියොජ්‍ය පොලිස්පතිවරයෙකු, මූලස්තාන පොලිස් පරීක්‍ෂකවරයෙක් ඇතුළු පිරිසක්ද සමබන්ධ බව චන්ද‍්‍රසිරි හිමියෝ කොළඹ පැවති මාධ්‍ය හමුවකදි කියා සිටියහ.

26,506 views

10 Comments to “රතන හිමි අත්අඩංගුවට ගන්නැයි කියයි.. විමලතිස්ස හිමි මන්ත‍්‍රීකමින් අස්කරවා තමන්ගේ නම යවා ඇත්තේ බලහත්කාරයෙන්..”

  1. Sirimal says:

    Ehenam gururhuma kyanne goolayawa paharagena naha kyala

    • Namali says:

      හබයාස් කෝ පූස් ගැන දන්නේ එක්නැලිගොඩ බිරිද විතරද? අභියාචනාධිකරණයේ හබයාස්කෝපුස් නඩුවක් නීතිපති සහ පොලිස්පති වගඋත්තරකරු කර දැම්මානම් ප්‍රශ්නය ගොඩය. කාගෙ කාගෙත් සායම හේදෙන්නේය.

  2. නිරීක්ෂකයා says:

    නිකම්මු අත්ඩංගුවට ගෙන කබ්බෝ ෆෝම් කරන නාට්‍යයක් වෙන්න පුළුවන් මේ උස්තාද්ලාගේ වැඩ.
    එකෙක් නැදියවන්ගේ ගෝලයා, අනෙකා ප්‍රංශයේ තුශාර පීරිස්ගේ ගෝලයා, මුන් ඔක්කෝම ඩයසපෝරාවේ සල්ලිවලට සිංහල බෞද්ධ වෙස් දාගෙන නටන ත්‍රස්ථවාදීන්. කොටින්ගේ සල්ලිවලට 2015 ආණ්ඩුව පෙරළුවා. කුඩු බොස්ලාගේ වාහන, සල්ලිත් මෙයාලාට වෙලාවට කලාවට ලැබෙනවා. ඒවාත් ළගදී දැන්ගන්න පුළුවන් වේවී.

    • Saji says:

      oba hari. a samagama mun denna siya kemeththen mehema ranganawa wentath puluwan. kiyanne, ratanai wimalatissa katawela dennama hengila innawa. election komisamath sambandabawa penenawa saha policiya. chamuditha samarawikrama wimalatissa hoyagena video ekakauth karala thibune muladima.

  3. lal milano says:

    Malwaththa, Asgiri,Amarapura Nayakayo Nidida? Aho Dukaki Uthum Gouthama Sasane Vinasai.SATHARA SANWARA SEELAYA RAKAPALLA. SANGA BEDAYA KARALA DAN YAMAN AVIECHI MAHA NARAKAYATA.

  4. 🤣🤣🤣😄😄😄 says:

    මේ දෙන්නම කරනා මේ අවලාදය සාසනයට
    මහ නාහිමි යුගල ගොලුවතම රකියි සැමදාට
    දඹදිවින් වැඩිය බුදුසසුන රටින් නික්මුනු දාට
    චීවරයට දාන දෙයිද බැතිමුන් රටෙ නැති දාට

  5. සමරසිංහ says:

    රතනේ හූල් අල්ලාගෙන ගේමක් දෙන්න යන්නේ.
    අවුරුදු පහලොවක් තිස්සේ රටම ගිනි තියමින් කරපු වංචා සියල්ල දැන් එලිවෙලා ඉවරයි. තවත් නාඩගම් නටන්නේ නැතිව හිරේ යන්න සූදානම් වෙන්න. දවදවසක් වත් එලියේ තියෙන්න වටින්නේ නැහැ.

  6. චන්දන says:

    අනේ රතනේ නොදිටි මොක්පුර.

  7. හෙලයා says:

    බුද්ධ චීවරය දා ගන්නේ සසර බය දැනුන බික්ෂූන් වහන්සෙලා මිසක් බුද්ධ චීවරය විකුනගෙන කන පෘතග්ජන ගිහියන්ටත් වඩා පහල මට්ටමක ඉන්න මේ වගේ අය නොවිය යුතුයි. මොවුන් ජන සමාජයෙන් පිලිකුල් උන අයයි. පෙර රජ දවස මෙන් දුශ්ශීලචීවර දාරීන් “හීරලුවා” සේ හ්න්වඩු ගැසිය යුතුයි. මේ අයට චන්දය දුන් අය කර ඇත්තේ නොදැනුවත්කම නිසා විශාල පාප කර්මයක් බව දැන ගන්න..

  8. මට says:

    මුන්ටික මහන වෙයිද කියලයි මට බය​….