රතන හිමි ඉල්ලා අස්වෙයි.. ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට..

July 30, 2018 at 3:00 pm | lanka C news
රතන හිමි ඉල්ලා අස්වෙයි.. ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට..

තමන් වහන්සේ විසින් දරන ලද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත ඉදිරි දින කිහිපය ඇතුලත බාර දෙන බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

තමන් එම තනතුරේ සිටියත් කිසිදු උපදේශයක් ලබා නොගත් බවත් එහි තවත් රැඳී සිටීමේ තේරුමක් නැති බවත් උන් වහන්සේ සදහන් කරති.

තමන්ගේ ඉල්ලා අස්වීමට හේතුය ජනාධිපතිවරයාට පෙන්වාසෙන බවද හිමියෝ කියා සිටිති.

273 views
Main News