රතන හිමි ගේමක.. මීලග ජනාධිපති හෙල උරුමයෙන් පත් කරන සැලසුමක..

January 20, 2017 at 3:50 pm | lanka C news
රතන හිමි ගේමක.. මීලග ජනාධිපති හෙල උරුමයෙන් පත් කරන සැලසුමක..

පාර්ලිමේන්තු මන්ත‍්‍රි අතුරලියේ රතන හිමියන් විසින් මීළග ජනාධිපතිවරණයේදී ජාතික හෙළ උරුමයේ අයෙකු ඉදිරිපත් කිරීම සදහා සැලැස්මක් දියත් කර ඇතැයි වමේ කේන්ද්‍රය චෝදනා කරයි.

එම සංවිධානයේ සම කැදවුම්කරු චමීර පෙරේරා පෙන්වා දෙන්නේ පසුගිය රාජපක්ෂ බලය තහවුරු අයෙකු අනාගත නායකයෙකු වීමේ සිහිනයක් හෙළ උරුමයේ ප‍්‍රබලයෙකු තිබූ බවයි.

රාජපක්‍ෂ යුගයේදී එකී නායකත්වය ලබාගැනීමට නොහැකි වූ නිසා යහපාලන රජය පිහිටුවීමට හෙළ උරුමයේ පාර්ශ්වයන් අවස්ථාවාදීව දේශපාලනයේ නිරත වූයේ යයිද ඔහු පැවසීය.

රතනන හිමියන්ගේ ක‍්‍රියාමාර්ගයේ අරමුණ වන්නේ එම ප‍්‍රබලයාට නායකත්වයේ සිහිනය සැබෑ කිරීම වෙනුවෙන් මහජන අවකාශය ලබාදීම බවද ඔහු වැඩි දුරටත් කියා සිටී.

49 views