රතන හිමි තවත් සටනක් අරඹයි..

June 8, 2019 at 4:40 pm | lanka C news
රතන හිමි තවත් සටනක් අරඹයි..

ඉදිරි අනාගතයේ රටේ නායකයා කවුරු වුවත් රට පිළිබඳ සියලු ප්‍රතිපත්ති, තීන්දු, තීරණ ගැනීමට ව්‍යවස්ථාපිත ජාතික මණ්ඩලයක් ස්ථාපිත කිරීමට මේ වනවිට සියලු කටයුතු අවසන් කර ඇති බව අතුරලියේ රතන හිමියෝ පැවැසූහ.

එම ජාතික මණ්ඩලය ඉදිරි දින දෙක තුන ඇතුළත රටට එළිදක්වන බවද උන්වහන්සේ පැවැසූහ.

මෙම මණ්ඩලයේ අවසරයකින් තොරව රට පිළිබඳ කිසිදු ප්‍රතිපත්තිමය තීන්දුවක් පාර්ලිමේන්තුවට පවා ගත නොහැකි වන පරිදි මෙම මණ්ඩලයට අවශ්‍ය නෛතිකමය බලය ලබා ගන්නා බවද උන්වහන්සේ පැවැසූහ.

මෙම ජාතික මණ්ඩලය සඳහා දේශපාලන නියෝජිතයන් සහභාගි කර නොගැනේ. ආගමික නායකයන් සහ ආර්ථිකමය, සමාජමය, වෘත්තීමය ඇතුළු සියලු ක්‍ෂේත්‍ර ආවරණය වන පරිදි විශේෂඥයන් මෙම මණ්ඩලයට පත්කරන බවද උන්වහන්සේ පැවැසූහ.

– lakbima

42,021 Viewers

17 Comments to “රතන හිමි තවත් සටනක් අරඹයි..”

  1. sinha le says:

    එක අතකින් අප්පුඩි ගහන්න බැහැ චානසාර අපේ හාමුදුරුවන් සමග එක්වන්න ප්‍රතිපල නියතයි

    • අඩෝ රතනේ උඹ බොරදියේ මාළු බාන්ට හදන්න එපා. උඹ මෙරටේ සිංහල ජාතිය පාවාදීමේ පියවරුන්ගෙන් කෙනෙක් බව මුළු රටම දන්නවා. ලබන සැරේ ඉතුරු ටික කරන්ට මිනිස්සු ගොනාට අන්දන්නද හදන්නේ. ගිහින් චෝදනා කරපන්කෝ තොගේ ගුරා වන පරාජිත සේනාරත්න කියන කුණු දතාට. තොපි දෙන්නයි පච රණවකයයි එකතුවෙලා ජනතාව රවටන්නට ගහන ගැට වලට අහුවෙන මිනිස්සු දැන් ගොඩක් අඩුයි. මේක තොපි හදාගත්තු ජහපාලන ආණ්ඩුවනේ. උඹත් එකේ පංගුකාරයෙක් මිස විරුද්ද පක්ෂයේ එකෙක් නෙවේ. නිකන් රගපාන්නේ නැතුව පහුගිය අවුරුදු 4රේ හිටපු විදිහටම පැතතකට වෙලා ඉඳලා ලබනසැරේ චන්දෙන් සොබිතයා ගිය ලෝකෙටම පලයන්. සිංහල ජාතිය ගැන ගොඩේ සිංහලයෝ බලාගනී.

      • jsk says:

        පක්ශ පාට අදහස් වලට අකමැති වුනත්, හාමුදුරු කෙනෙක්ට ආමන්ත්‍රනය කරන විදියක් තියෙනවා. ඒක ඉස්සෙල්ලම දැනගනින්.

  2. kate says:

    I think this is a good move if it is implemented successfully.

  3. Just says:

    Pissu nattam hoindai…
    Rata thawath kanne nathuwa me welawe paththakata wela hitiyanam hondai neda…
    Mokada pahugiya awrudu pahema oya anduwatama wela katai pukai dekama wahagena hitiye..
    Owa penune nadda manda…
    Dan rata winasa unata passe minissu awashya thiranaya ganiwi dan
    Aye kawruth one na minissu dan moda naaa….

  4. UD says:

    මේ ජනතාව ආණ්ඩු ගැන කළකිරී ඇති අවස්ථාවේ සංවේදී වෙලා සිටින අවස්ථාවේ විසඳුම් ලබා දෙන්න පෙරමුණ ගන්න විවිධ පිරිස් ඉදිරිපත් වෙනවා… කවුරු ආවත් ජනතා ප්‍රසාදය ලැබෙනවා….
    ඒ නිසා රතන හාමුදුරුවනේ ඔබවහන්සේ තනියම එක එක ඒවා පටන් ගන්න එපා….
    සංඝයා වහන්සේලාත් සමග සාකච්ඡා කොට එක අදහසක් එළියට දාන්න මැදිහත් වෙන්න….

  5. වරදට දඬුවම නියතයි says:

    2015 රටට කෙලවපු කෙලවපු කෙළවිල්ල තවමත් ගොඩ දමාගන්න බැරුවයි ඉන්නේ. ආණ්ඩුවට කරන්න බැරිවුණ මහජන කැළඹීමට රට යොමුනොකර හිටියොත් පිං. තමුන්ට අයිතිදේවල් විතරක් කරන්න සියලුදෙනාම යොමුවීම රටේ ප්‍රගමනයට වැදගත්. ස්වාමින් වහන්සේලා දේශපාලකයන්ට අනුසාසනා කරන තැනට එහා ගිහිල්ලා පාරට බහිනකොට හෑල්ලුවට පත්වෙන්නේ බුද්ධ ධර්මයයි. ආගමික නායකයන් දේශපාලකයන්ට වඩා බලවත්. ඒ යම් සීමාවක් තුල කටයුතු කරනතෙක් පමණි. කාදිනල් තුමාගෙන් ඉගෙනගන්න.

  6. වරදට දඬුවම නියතයි says:

    2015 රටට කෙලවපු කෙලවපු කෙළවිල්ල තවමත් ගොඩ දමාගන්න බැරුවයි ඉන්නේ. ආණ්ඩුවට කරන්න බැරිවුණ මහජන කැළඹීමට රට යොමුනොකර හිටියොත් පිං. තමුන්ට අයිතිදේවල් විතරක් කරන්න සියලුදෙනාම යොමුවීම රටේ ප්‍රගමනයට වැදගත්. ස්වාමින් වහන්සේලා දේශපාලකයන්ට අනුසාසනා කරන තැනට එහා ගිහිල්ලා පාරට බහිනකොට හෑල්ලුවට පත්වෙන්නේ බුද්ධ සාශනයයි. ආගමික නායකයන් දේශපාලකයන්ට වඩා බලවත්. ඒ යම් සීමාවක් තුල කටයුතු කරනතෙක් පමණි. කාදිනල් තුමාගෙන් ඉගෙනගන්න.

  7. Vendi says:

    කලු සුද්දන්ට බහුතර බලය නොලැබුණොත් නීතිපති දෙපාර්තමේන්තුව බාල්දි පෙරලාවි…

  8. හෙලයා says:

    දේසපාලකයො නැතුව සම්මන්ත්‍රණය කරනව තියන රතන හිමි දේසපාලුවෙක් නෙවෙය්ද? රතන සහ චම්පක වගේ අනුන්ගෙ ප්‍රසිද්ධියෙන් ප්‍රයෝජන ගත්ත දේසපාලුවො දෙන්නෙක් රටේ නැතුව ඇති. සිහලුනි! එජාපයට පැන එනිලට කඩේ ගිය මුන් දෙන්නාගනේ පරිස්සම් වෙමු.

  9. sw says:

    රතන තවත් විගඩමක් පටන් ගන්න වගේ 2015 රටට කරපු විනාශය පිළිගෙන වහාම දේශපාලනයෙන් මක්බැවිල යන්න .

  10. සිකුරු තරුව says:

    මේ මණ්ඩලයේ සංයුතිය අනුව තමයි ඔවුන්ගේ තීරණ වෙනස් වෙන්නේ .ඔවුන් පොලිටිකලි කරෙක්ට් ලිබරල් මනන පොංගල වගේ චරිත වුනොත් මණ්ඩලේ රටට විනාශය ගෙන ඒවි .

  11. Kalana says:

    හම්බයන්ව නැතිව ඕන එකෙක් ගනිල්ලා. අනික රාජ්‍ය ආයතනවල පත් කිරීම, අද්යාපන syllabus තීරණය කිරීම්, හැම ටෙන්ඩර් එකක විස්තර විශ්ලේෂණය, වගේ දේවල් මෙතනට ගන්න.

  12. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Oya mandalaya passa pette gahaganna wevi.

  13. Sadda says:

    මෙී මහණ ශාසනය හා ධර්ම විණය නොදනී . කරන මගුලක් උපැවිධිවී කලොත් වටී.

  14. උපායදූත says:

    රතන හිමියන යනු් තමන් ගැන අධිතක්සේරු කරගෙන ඉන්න ඒ නිසාම වරින් වර සවුත්තු වෙන පුද්ගල යෙක්.

  15. Hesh says:

    යහපාලනේ ඇවිත් හදපු ව්යවස්ථාධායක සභාව වගේ වෙයිද දන්නෙ නෑ. ඒකෙ ඉන්නෙ බෙදුම්වාදියොයි, NGO කාරයොයි විතරයි.

Main News