රතන හිමි තවත් සටනක් අරඹයි..

June 8, 2019 at 4:40 pm | lanka C news
රතන හිමි තවත් සටනක් අරඹයි..

ඉදිරි අනාගතයේ රටේ නායකයා කවුරු වුවත් රට පිළිබඳ සියලු ප්‍රතිපත්ති, තීන්දු, තීරණ ගැනීමට ව්‍යවස්ථාපිත ජාතික මණ්ඩලයක් ස්ථාපිත කිරීමට මේ වනවිට සියලු කටයුතු අවසන් කර ඇති බව අතුරලියේ රතන හිමියෝ පැවැසූහ.

එම ජාතික මණ්ඩලය ඉදිරි දින දෙක තුන ඇතුළත රටට එළිදක්වන බවද උන්වහන්සේ පැවැසූහ.

මෙම මණ්ඩලයේ අවසරයකින් තොරව රට පිළිබඳ කිසිදු ප්‍රතිපත්තිමය තීන්දුවක් පාර්ලිමේන්තුවට පවා ගත නොහැකි වන පරිදි මෙම මණ්ඩලයට අවශ්‍ය නෛතිකමය බලය ලබා ගන්නා බවද උන්වහන්සේ පැවැසූහ.

මෙම ජාතික මණ්ඩලය සඳහා දේශපාලන නියෝජිතයන් සහභාගි කර නොගැනේ. ආගමික නායකයන් සහ ආර්ථිකමය, සමාජමය, වෘත්තීමය ඇතුළු සියලු ක්‍ෂේත්‍ර ආවරණය වන පරිදි විශේෂඥයන් මෙම මණ්ඩලයට පත්කරන බවද උන්වහන්සේ පැවැසූහ.

– lakbima

99 views

17 Comments to “රතන හිමි තවත් සටනක් අරඹයි..”

  1. Kalana says:

    හම්බයන්ව නැතිව ඕන එකෙක් ගනිල්ලා. අනික රාජ්‍ය ආයතනවල පත් කිරීම, අද්යාපන syllabus තීරණය කිරීම්, හැම ටෙන්ඩර් එකක විස්තර විශ්ලේෂණය, වගේ දේවල් මෙතනට ගන්න.

  2. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Oya mandalaya passa pette gahaganna wevi.

  3. Sadda says:

    මෙී මහණ ශාසනය හා ධර්ම විණය නොදනී . කරන මගුලක් උපැවිධිවී කලොත් වටී.

  4. උපායදූත says:

    රතන හිමියන යනු් තමන් ගැන අධිතක්සේරු කරගෙන ඉන්න ඒ නිසාම වරින් වර සවුත්තු වෙන පුද්ගල යෙක්.

  5. Hesh says:

    යහපාලනේ ඇවිත් හදපු ව්යවස්ථාධායක සභාව වගේ වෙයිද දන්නෙ නෑ. ඒකෙ ඉන්නෙ බෙදුම්වාදියොයි, NGO කාරයොයි විතරයි.

Main News