රතන හිමි දුර්වල වෙමින් සිටිති.. ඉදිරියේදී අවදානම්..- වෛද්‍යවරුන් කියති..

June 1, 2019 at 12:40 pm | lanka C news
රතන හිමි දුර්වල වෙමින් සිටිති.. ඉදිරියේදී අවදානම්..- වෛද්‍යවරුන් කියති..

මහනුවර ශ‍්‍රී දලදා මාලිකාව ඉදිරියේ මාරාන්තික උපවාදයක් ආරම්භ කර සිටින පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සෞඛ්‍ය තත්වය දැනට සාමාන්‍ය වුවද එය ක‍්‍රමයෙන් අඩුවෙමින් ඇති බව උන් වහන්සේ පරීක්‍ෂා කරන ලද වෛද්‍යවරුන් කියා සිටිති.

තව දුරටත් නිරාහාරව සිටියහොත් හිමියන් ඉදිරියේදී අවදානම් තත්වයට පත්වනු ඇති බවත් වෛද්‍යවරුන් පෙන්වා දී ඇත.

ඊයේ දින පෙරවරුවෙන් පසු කිසිදු ආහාර පානයක් නොගෙන රතන හිමියන් මෙසේ නිරාහාරව උපවාසයේ යෙදෙමින් සිටිති.

ඇමති බදියුදීන් හා ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි, හිස්බුල්ලා යන අය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා විභාග කිරීමට ජනාධිපති කොමිසමක් පත් කර ඔවුන් ධුරවලින් ඉවත් කරන්නැයි ඉල්ලමින් රතන හිමියන් මෙම උපවාසය ආරම්භ කර ඇත.

35 views

24 Comments to “රතන හිමි දුර්වල වෙමින් සිටිති.. ඉදිරියේදී අවදානම්..- වෛද්‍යවරුන් කියති..”

  1. SL says:

    සියලු පටු වාද බේද ඉවත ලා මේ අන්තවාදී හවුල් කරුවන් කෙසේ හෝ දේශපාලනයෙන් ඉවත් කිරීමට එකමුතු වියයුතුය

  2. manik says:

    ඔබ වහන්සේට කියන්න තියෙන්නෙ වපුරපු අස්වැන්නෙ පල නෙලා ගන්න කාලේ අවාම ඔහොම වෙනවා රට කන හිකනලුන් සමග අත් වැල් බැදගෙන රට කාබාසිනියා කරලා එන ජන්දයෙන් පරදින බව දැන ගෙන දැන් බවුන් වඩනවා නේද… අනේ මෙහෙමත් ච්වර දරියෝ මෝන මගුල කලත් කමක් නැහැ චිවරය ගලවලා ගහක එල්ලලා බවුන් වඩන්න මොකද රට විනාශ කල එකේ පාපය ච්වරයටත් අවමානයක් වෙන නිසා