රතන හිමි පන්සලෙන් පලා යයි.. ඥාණසාර හිමිට කොකා පෙන්නා පාර්ලිමේන්තු යන්න සියල්ල සූදානම්..

August 25, 2020 at 12:03 am | lanka C news
රතන හිමි පන්සලෙන් පලා යයි.. ඥාණසාර හිමිට කොකා පෙන්නා පාර්ලිමේන්තු යන්න සියල්ල සූදානම්..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් උන්වහන්සේ වැඩ වාසය කරන විහාරස්ථානයෙන් අතුරුදන් වී ඇති බව දායකයන් කියති.

දින හතරකට පමණ පෙර සිට රතන හිමියන් රාජගිරිය සදහම් සෙවන විහාරස්ථානයේ වැඩ වාසය නොකරන බව එහි දායකයන් පවසති.

අපේ ජන බල පක්ෂය මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්ව මත රතන හිමියන් පන්සලෙන් අතුරුදන්ව සිටියි.

පොලිසිය ද උන්වහන්සේගෙන් ප්‍රශ්න කිරීම සඳහා දින දෙකක් විහාරස්ථානයට ගිය ද උන්වහන්සේ එහි නො සිටියහ.

අපේ ජනබල පක්ෂය ලේකම් විදිනිගම විමලතිස්ස හිමියන් විසින් හිමියන් පැහැර ගෙන යන ලද්දේ රතන හිමි බවට පොලිසියට පැමිණිලි ලැබී තිබේ.

මේ අතර සැගවී සිටින විමලතිස්ස හිමියන් විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇත්තේ පක්‍ෂයේ ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුරයට රතන හිමියන් නම් කරන ලෙසයි.

60,724 views

13 Comments to “රතන හිමි පන්සලෙන් පලා යයි.. ඥාණසාර හිමිට කොකා පෙන්නා පාර්ලිමේන්තු යන්න සියල්ල සූදානම්..”

  1. Lolla says:

    මේ තට්ටයෝ ගම කනවා

  2. අනුර says:

    වසර ගණනාවක් තිස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් රටට හිතකර මොනවද මෙයා කලේ, දියවන්නා ප්‍රදේශයේ ඉඩම් හිමිකම්, වාහන හිමිකම්, අරන් පිටරට සංචාරක ව්‍යාපාරය චීවරයට මුවා වෙලා ඉන්න එයාට මේ ගොං වස්සා ඇතුළත් විය යුතුයි ආගමික කටයුතු ගැන ඔබ නොදත් කරුණු කාරණා සම්බන්ධයෙන් මා පුද්ගලික දැන්වීම් කරන්න යන්නේ නෑ, දැන් සැපද මුං සෙරම පල් හොරු රට කනව