රතන හිමි බැණ වැදී ඉහල පෙලේ හමුවෙන් නැගිට යයි.. ආණ්ඩුව පෙරලා දමන බව ප‍්‍රසිද්ධියේ කියයි..

March 16, 2018 at 9:20 am | lanka C news
රතන හිමි බැණ වැදී ඉහල පෙලේ හමුවෙන් නැගිට යයි.. ආණ්ඩුව පෙරලා දමන බව ප‍්‍රසිද්ධියේ කියයි..

පොහොර සම්බන්ධයෙන් ඇතැම් නිලධාරීන් කර ඇති ප‍්‍රකාහයන්ට විරෝධය පා එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කෘෂිකර්ම අමාත්‍යංශය ආංශික අධීක්‍ෂණ කමිටු රැස්වීමෙන් නැගිට ගොස් ඇත.

මෙම රැුස්වීම ඊයේ දිනයේ පැවැත්වුනේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී කෘෂිකර්ම අමාත්‍යංශයේ ඉහල නිලධාරීන් හා ආයතන ප‍්‍රධානීන්ගේ සහභාගීත්වයෙනි.

පොහොර ගෙන්වීම සම්බන්ධයෙන් මෙහිදී නිලධාරීන් විවිධ අදහස් දක්වා තිබූ අතර රතන හිමියන් එම අදහස් හා තිරණවලට සහමුලින්ම විරුද්දව හා අප‍්‍රසාදය පල කරමාන් අදහස් පල කර ඇත.

‘අපි බලයට ආවේ වසවිසෙන් තොර කෘෂිකර්මයක් හදුන්වා දෙන්නයි. ඒත් දැන් වෙන්නේ වෙන දෙයක්. මං මේවාට සම්පුර්ණයෙන් විරුද්දයි’ යයි පවසමින් රතන හිමියන් එම හමුවෙන් නැගිට ගොස් ඇත.

රසායන පොහොර ගෙන්වීම නතර නොකලහොත් රජය පෙරලා දමන්නේ යයි රතන හිමියන් මීට දින කිහිපයකට පෙර ප‍්‍රසිද්ද රැුස්වීමකදී අදහස් පල කර තිබේ.

85 views

14 Comments to “රතන හිමි බැණ වැදී ඉහල පෙලේ හමුවෙන් නැගිට යයි.. ආණ්ඩුව පෙරලා දමන බව ප‍්‍රසිද්ධියේ කියයි..”

  1. parakum says:

    Ven Sir your place is the Temple, please eat the DANA and do some Buddhas preaching in the Temple.

Main News