රතන හිමි මන්ත‍්‍රීකම වෙනුවෙන් උසාවි යයි..

August 15, 2020 at 6:48 pm | lanka C news
රතන හිමි මන්ත‍්‍රීකම වෙනුවෙන් උසාවි යයි..

මෙවර මැතිවරණයෙන් අපේ ජන බල පක්ෂයට හිමි වූ මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අධිකරණයට යාමට සූදානම් වේ.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ කියා සිටියේ මෙම ගැටළුව නිරාකරණය කර ගත යුත්තේ අධිකරණ ක්‍රියා මාර්ගයකින් බවයි.

මේ අතර පක්ෂයේ මහ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන්ට විරුද්ධව පොලිසියට පැමිණිල්ලක් ගොනු කර තිබේ.

පක්ෂය ආසන සංවිධායකවරයෙකු ගොනුකල එම පැමිණිල්ලෙන් කියා සිටින්නේ තමන් ලබාදුන් ඡන්දයෙන් විමලතිස්ස හිමියන්ට පාර්ලිමේන්තුවට යාමට ඉඩ දිය නොහැකි බවයි.

දැනට මහලේකම් හිමියන් තමන්ගේ නම මැතිවරණ කොමිසමට යෝජනා කර දින කිහිපයක් තිස්සේ අතුරුදහන් වී සිටී.

28,618 views

19 Comments to “රතන හිමි මන්ත‍්‍රීකම වෙනුවෙන් උසාවි යයි..”

  1. සියලු දේම අතහරින සන්ග්‍යා says:

    අපි ට බුද්දගම අදහන්න හිතෙන්නෙ නෙහෙ

  2. Gini says:

    Stick to Buddhism. Don’t spoil it. There are politicians to do that or leave your religious position. Shame on you.

Main News