රත්ගම ව්‍යාපාරිකයන් පහරදී මරලා සිරුරු විනාශ කරලා; සී.අයි.ඞී විමර්ශනවලින් හෙළි කර ගනී…

February 20, 2019 at 3:00 pm | lanka C news
රත්ගම ව්‍යාපාරිකයන් පහරදී මරලා සිරුරු විනාශ කරලා; සී.අයි.ඞී විමර්ශනවලින් හෙළි කර ගනී…

දකුණු පළාත් විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් රත්ගම ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනකු පැහැර ගෙන ගොස් පහරදී කෲර අන්දමින් ඝාතනය කර ඔවුන්ගේ සිරුරු විනාශ කර දමා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවලින් අනාවරණය වී ඇත.

මෙම ව්‍යාපාරිකයන් දෙදෙනාගේ සිරුරු විනාශ කර දැමූ ස්ථානය මේ වනතුරු නිශ්චිතව හඳුනාගෙන නැති අතර ඒ සම්බන්ධයෙන් ඉතාම වැදගත් තොරතුරු රාශියක් ලැබී ඇති බව ද පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම ව්‍යාපාරිකයන් දෙදෙනාට එරෙහිව කිසිදු අපරාධ චෝදනාවක් නොමැති බව ද විමර්ශනවලින් හෙළි වී ඇත. සංවිධානාත්මක පොලිස් කණ්ඩායමක් විසින් මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා පැහැර ගෙන ගොස් ඇත්තේ කප්පම් මුදල් ලබා ගැනීමට හෝ එසේ නොමැති නම් කිසියම් පුද්ගලයකු ලබාදුන් මුදල් කොන්ත‍්‍රාත්තුවක් මත වන්නට ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැක පහළ කරයි.

දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත සිල්වා නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා (18 දා) අත්අඩංගුවට ගත් අතර ඔහු මේ වනවිට රිමාන්ඞ් බන්ධනාගාරගත කර සිටී.

මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා පැහැර ගෙන ගිය බවට එල්ල වන චෝදනා සැකකාර පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ප‍්‍රතික්ෂේප කළ බව ද පොලිසිය පවසයි. එහෙත් මෙම පොලිස් කණ්ඩායම ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැර ගෙන යන ආකාරය අඩංගු සී. සී. ටී. වී. දර්ශන මෙන්ම තවත් සාක්ෂි රැුසක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට සොයා ගෙන ඇත.

සැකකාර පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව මීට පෙර ද විවිධ චෝදනා එල්ල වී තිබෙන අතර ගාල්ල දිස්ති‍්‍රක්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා මොහු මාතරට මාරු කර යවා ඇත්තේ ද මොහුට එල්ල වූ චෝදනා විමර්ශනයකින් පසුවය.

මේ අතර දකුණු පළාත් විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් නිලධාරීන් පස්දෙනකුට අද (20 දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

මෙම සංවිධානාත්මක පොලිස් කණ්ඩායම ව්‍යාපාරිකයන් දෙදෙනා පැහැර ගෙන ගොස් මෙසේ ඝාතනය කර ඇත්තේ උසස් නිලධාරීන්ගේ අනුදැනුමකින් තොරව බව ද විමර්ශනවලින් හෙළි වී ඇත.

ඉකුත් ජනවාරි 23 වැනිදා රත්ගම රත්න උදානගම ප‍්‍රදේශයට කේඞීඑච් වර්ගයේ වෑන් රථයකින් සහ සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි සන්නද්ධ පොලිස් නිලධාරීන් 13 දෙනකු විසින් මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා පැහැර ගෙන ගොස් තිබිණි.

මෙම පැහැර ගැනීම සම්බන්ධයෙන් ඔහුගේ පවුල්වල ඥාතීන් රත්ගම සහ ගාල්ල පොලිසිවලට පැමිණිලි කළ ද විමර්ශනයක් නොපැවැත්වීම නිසා ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීම පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර කර තිබිණි.

පැහැර ගැනීමට ලක්වූ මංජුල අසේල කුමාර තිදරු පියෙකු වන අතර ඔහු ධනවත් මාළු ව්‍යාපාරිකයෙකි. රසිත් චින්තක එක්දරු පියෙකු වන අතර ඔහු ද කුකුළු මස් ව්‍යාපාරයේ නිරත වූ ධනවත් ව්‍යාපාරිකයෙකි.

මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා පැහැරගෙන ගොස් පහරදී ඝාතනය කර ඔවුන්ගේ සිරුරු පුළුස්සා දැමූ බවට නිර්නාමික ලිපියක් ව්‍යාපාරිකයන් දෙදෙනාගේ පවුල් වෙත ලැබී තිබිණි. එම ලිපිය එවා තිබුණේ මෙම අසාධාරණ කි‍්‍රයාවට එරෙහි වූ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් බව එහි සඳහන් විය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යයි.

– divaina

50,855 Viewers

9 Comments to “රත්ගම ව්‍යාපාරිකයන් පහරදී මරලා සිරුරු විනාශ කරලා; සී.අයි.ඞී විමර්ශනවලින් හෙළි කර ගනී…”

  1. Chaminda malli says:

    Batalannde wadakaya nawathath beisanaya wapuranu atha. Meya muttiya damaabaleemaki.

    • දේවක ඔස්ට්‍රෙලියා. says:

      උබ පිටකොටුවෙ කුඩු චමින්ද නේද?

      • Chaminda Aiya says:

        දේවක උබ බටලන්දේ වදකයගෙ ඔස්ට්‍රේලියාවෙ ඉන්න පු% ලෙවකන්න නේද?

    • මැදමුලනෙ මුත්තා says:

      කොහොමද හිටං හුටං පොලීසිය බාරගත්තට පස්සෙ පොලීසියෙ ප්‍රගතිය. නියමයි නේ. මෙයා නැවත වතාවක් ජනපති කරමු. හා…ද?

  2. sakalabujan says:

    Oh My God…………Eta 2 ellanna one munwa

    • don says:

      අඩෝ පරයා … තෝ අපේ රණවිරුවන්ට අපහාස කරන්න එපා …. එල්ලනවා තෝව ඇට දෙකෙන් …….. තොපි වහල්ලු මහින්ද මහත්තයා කියන දේට ඔලුව වනල හිටු ….. පණ්ඩිතය වෙන්නැතුව

      • එංගේපොනි says:

        මෙන්න ගොබ්බ UNPee කාරයෙක් තප්පුලන වා.

  3. Ariyathilaka says:

    දහම් පද ගසා ගෙන පොලිසිය අපරාධ කරයි!! “ධම්මො හවෙ රක්ඛති ධම්මචාරි” (ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් ආරක්ෂා කරයි.) යන පාලි පාඨය පොලිස් නිල ලාංඡනයයෙහි ඇත. පොලිස් නිල හිස් වැසුමේ මෙම දහම් පදය බැබලේ. පොලිස් නිල කබායේ බාහු යුග්මයේ ඇමිණූ ධර්ම චක්‍ර දෙකකි. අපරාධ මැඩීමට සිටින පොලීසිය අපරාධ කිරීම කොතරම් නොපනත් කමක් ද? එයද දහම් පද හිසේ පැළඳ ධර්ම චක්‍ර අත් බාහුවල එල්ලා ගෙනය. ඇතැමෙක් මිනී මරයි! අනීතිකව වද හිංසා කරයි! ඇත්ත නැත්ත කරයි! නැත්ත ඇත්ත සේ මවා පායි! කොතෙක් නම් සුරාවට ඇබ්බැහි වී ඇද්ද? බලය ඇත්තන් ඉදිරියේ හිස නමයි! බලය නැත්තන්ට කඩා පනී; බෑණ අඩ ගසයි! අත් බාහු දෙකේ ධර්ම චක්‍ර සහ හිස් වැසුමේ ඇති දහම් පදය අමතක වූ සේය! එක් කලක “ධර්මිෂ්ඨ සමාජයක්” යනුවෙන් මුද්දරයක් නිකුත් විය. ධර්ම චක්‍රයේ භාගයක් පොළොව යටය; භාගයක් පොළොව උඩය; ඒ මුද්දරය නිකුත් වූ හැටිය; වැඩ සිදුවූයේත් ඒ ලෙසය. පොලිස් නිල ලාංඡනයයෙහි දහම් පදය අඩු නැත. ධර්ම චක්‍ර දෙකහිත් අඩුවක් නැත. කරන වැඩ ගැන තමයි! ප්‍රශ්නය; අපරාධ මැඩලීමට සිටින පොලීසියට ගැන සාමකාමී ජනයා විපිළිසරය

  4. Nimal says:

    ඔය තියෙන්නෙ නියම අතුරැදන් වුවන්ගෙ සාක්ෂි. 1988-89 මෙි අය බලයෙ සිටියදී සිදුවුනෙත් ඔය දෙයම තමා.

Main News