රත්නජීවන් හූල් මැතිවරණ කොමිසමට හා නිලධාරීන්ට කොරෝනා බෝකරන උත්සාහයක.. එමගින් මැතිවරණය කල් දාන්න යයි..

May 26, 2020 at 12:02 am | lanka C news
රත්නජීවන් හූල් මැතිවරණ කොමිසමට හා නිලධාරීන්ට කොරෝනා බෝකරන උත්සාහයක.. එමගින් මැතිවරණය කල් දාන්න යයි..

නිරෝධායන නීතීන් උල්ලංඝනය කරමින් තම දියණිය මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා ගැනීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් සහ එම දියණියට නීතිය ක්‍රියාත්මක විය යුතු බව ශ්‍රී ලංකාව පොදුජන පෙරමුණ සඳහන් කරයි.

එම පක්‍ෂ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කරන්නේ අන් අයට ක්‍රියාත්මක නීතිය ඒ ආකාරයෙන්ම රත්නජීවන් හූල් සහ එම දියණියටද ක්‍රියාත්මක යුතු බවයි.

මැතිවරණය පැවැත්වීමට එරෙහිව දිගින් දිගටම කටයුතු කරන රත්නජීවන් හූල් මහතා මේ උත්සාහ කරන්නේ මැතිවරණ කොමිෂන් සභාව සහ එහි නිලධාරීන් කොරෝනා රෝගීන් බවට පත්කර තවදුරටත් මැතිවරණය කල් දැමිමේ කටයුත්තක් සදහා දැයි සාධාරණ සැකයක් ඇති බවද ඔහු කියා සිටියේය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසන ආකාරයට තවත් නිලධාරීන් උවමනා කර තිබියදී රත්නජීවන හූල් ගේ ක්‍රියා කලාපය හේතුවෙන් දැනටමත් නිලධාරීන් තුන්දෙනෙකු නිරෝධායනයට යවා ඇතැයි ද ඔහු කියා සිටියේය.

193 views
Main News