රත්නපුරට පැය බාගයයි.. රුවන්පුර අධිවේගය ඇරඹෙයි…

May 6, 2021 at 5:30 pm | lanka C news
රත්නපුරට පැය බාගයයි.. රුවන්පුර අධිවේගය ඇරඹෙයි…

ශ්‍රී ලංකාවේ ඉදිකෙරෙන හත්වෙනි අධිවේගී මාර්ගය වන රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කහතුඩුවේ සිට ඉංගිරිය දක්වා කොටසේ වැඩකටයුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් 2021.05.07 වන දින රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් නව තාක්ෂණය භාවිතා කරමින් අරලියගහ මැදුරේ සිට අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් හෙට දින ආරම්භ වේ.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්ම‘ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සංවර්ධනයේ හිණිපෙත්ත කරා ගමන් කරන තිරසාර රටක අභිවෘද්ධිය වෙනුවෙන් එහි ජීවත් වන ජනතාවට සහන ලබා දෙන මාර්ග පහසුකම් ඉතා ශක්තිමත්ව දීර්ඝ කාලයක් පවතින්නට ඒවා ඉදිකර මහජනතාව වෙත ජනගත කිරීම පවතින රජයේ මහාමාර්ග පිළිබඳ වගකීම බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

ඉදිකිරීමට යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගය දක්ෂිණ අධිවේගී මාර්ගයෙ කහතුඩුව අන්තර් හුවමාරු මධ්‍යස්ථානය අසලින් ආරම්භ වී ඉංගිරිය, රත්නපුර හරහා පැල්මඩුල්ල දක්වා ඉදිකෙරේ. මෙම රුවන්පුර අධිවේගී මාර්ගයේ සම්පූර්ණ දුර කි.මි 73.9 කි. මෙම ව්‍යාපෘතිය 2014 වර්ෂයේ දී මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ යෝජනා වූ ව්‍යාපෘතියකි. මෙම රුවන්පුර අධිවේගී මාර්ගය අදියර 3ක් යටතේ ඉදිකිරීමට නියමිතය. ඒ අනුව එහි පළමු අදියර ලෙස කහතුඩුව සිට ඉංගිරිය දක්වා කි. මි. 24.3 ක දුර ප්‍රමාණයක් ඉදිකරනු ලබයි. මාගා ඉංජිනේරු සමාගම මගින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබයි. මේ සඳහා රුපියල් බිලියන 54.70 ක් වැය වේ. ඉදිකිරීම් කාලය මාස 30 කි.

කොවිඩ් වසංගතය හමුවේ වුව ද, රටේ සංවර්ධන කටයුතු අඩාල නොකර ජනතාව වෙනුවෙන් ඒවා ආරම්භ කිරීමට අපි කටයුතු කරනවා. මුඩු බිමක්ව තිබූ රට අපි වැඩබිමක් බවට පත් කළා. මෙවැනි සංවර්ධන ව්‍යාපෘතීන් රැසක් ඉදිරියේ දී කොවිඩ් වසංගතය මධ්‍යයේ වුව ද, අපේ රටේ ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.

මෙම රුවන්පුර අධිවේගී මාර්ගය ආර්ථික වශයෙන් ඵලදායී අධිවේගී මාර්ග පද්ධතියකි. පානදුර – රත්නපුර (A-08) හා කොළඹ – වැල්ලවාය – මඩකලපුව (A-04) මාර්ගවල පවතින මාර්ග තදබදය අවම වී සුවපහසු ගමනාන්තයක් සඳහා මෙම අධිවේගී මාර්ගය ඉදිකිරීම තුළින් පහසුකම් සැලසේ. මෙම රුවන්පුර අධිවේගී මාර්ගය තුළින් කොළඹ, කලුතර, රත්නපුර, බදුල්ල, නුවරඑළිය, මොනරාගල සහ හම්බන්තොට වැනි දිස්ත්‍රික්කයන් සඳහා සමාජ ආර්ථික ප්‍රතිලාභ ලැබෙනු ඇත. මැණික්, තේ, ඇඟළුම්, සුළු අපනයන බෝග යනාදිය කඩිනමින් වෙළඳපොළට සහ සැපයුම් ස්ථානවලට පහසුවෙන් පිවිසීමට මෙමගින් හැකිවේ. මාර්ග තදබදය අඩුවීම ඉන්ධන පිරිවැය අඩුවීම, ගමන් කාලය ඉතිරිවීම නිසා ආයෝජකයන්ට මෙම ප්‍රදේශයේ ආයෝජන අවස්ථාවල යෙදිමට මෙම අධිවේගි මාර්ගය තුළ ඉඩ ප්‍රස්ථාව සැලසෙන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය

62,180 views

16 Comments to “රත්නපුරට පැය බාගයයි.. රුවන්පුර අධිවේගය ඇරඹෙයි…”

  1. Kasun Perera says:

    ඕව නෙමෙයි බොලව් ගොඩගනියව් දේෂිය කර්මාන්තයක් කන්තලේ සීනි කර්මාන්ත ශාලාව වගේ….නව රැකියා බිහි කරන්න මිනිස්සුන්ගෙ සතුට වෙනුවෙන් වැඩ කරපල්ලා….

    • SL says:

      අධිවේගී මාර්ග රටකට අත්‍යවශ්‍යයි. එමගින් ඉතිරිවන කාලය, ඉන්ධන ඉතිරිය ගණන් බැලුවොත් ප්‍රතිලාභ ඉතා ආකර්ශනීයි. ( 10% ,20% – පගා ගහන්නේ නැතිව ,පාරේ වියදම හරියට කලොත් ඉතා ලභාදායකයි )

  2. Love nature says:

    පාර හදන්න කපාපු ගස් ගානට ගස් නැවත සිටවන්න. නැත්නම් කපාපු ගස්ටික හෙන ඉල්ලන්න පුලුවන් ගසක් කියන්නෙත් ජිවිතයක්.

  3. sithmal says:

    හොද වැඩක්..

  4. Saman says:

    මුන් මහනුවර ගලගෙදර කොටස කරන්නේ නැ කීයක් ottuda

    • SL says:

      ගොන් කිරිඇල්ල මහාමාර් ඇමති වෙලා ඉද්දි තමයි කොළඹ- මහනුවර අධිවේගී මාර්ගය කොළඹ – කුරුණෑගල කලේ .කොහොමත් නුවරට හුප්පේ !! කරත්ත වේගෙන් යන පාරවල් තමයි 2030 වෙනකල් !!

      අධික මාර්ග තදබදය ක ( 120Km – 4 hrs) යනකොට අධික ඉන්දහන් දහනයෙන් වන පරිසර දුෂණය , තෙල්වලට වියදම් වන විදේශ විනිමය ගොන් කිරිඇල්ලගේ මයියා ඩයන අක්කගේ බිස්නස් එකට දාල හොයාගමු

      • harsha says:

        ගලගෙදර ඉඳන් නුවරට පාර හදන්න බිම්ගෙවල් දාන්න වෙනවා. හැබැයි උමා ඔය බිංගෙයත් එක්ක බිම්ගෙවල් ගැන ජනතා ආකල්පය යහපත් එකක් නෙවෙයි.

    • gihan says:

      Saman. BUL DOG.hama daama handata buranawa.

  5. මාක්ස්වාදී ජෙප්පා says:

    පැය ගණන් රස්තියාදු වෙමින් යනකොට තෙල් පිච්චෙනවා වැඩියි.

    ඕකට ගිය වියදම, අවුරුදු 10කින් විතර තෙල් වල ඉතුරුවෙන්ම කකර් වෙනවා. පාරෙ ගත වන කාලය මිල කලොත්, ඉතුරුව අප්‍රමාණයි.

    හැම දේකම වැරැදි පමණක් දකින රිනාත්මක ජෙප්පො මේකටත් මොනව හරි නොකීවොත් තමා පුදුමය.

  6. Felix says:

    Timely needy project. Best wishes!

  7. Mahesh Samarawickrama says:

    Please consider a parallel construction of a railway

  8. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    කිරිඇල්ලට උපදේසක කමක් දෙමු

  9. vis8 says:

    Great vision by MR! As highways develop, areas around them develop rapidly.
    Chiran Jayathu!

  10. අසන්ත says:

    නිදකින් නුදොමකින් තුං විතරක්

Main News