රත්නපුරයට ආ වැලිසර සෙබළු දෙදෙනෙකුට කොරෝනා..

April 26, 2020 at 8:40 am | lanka C news
රත්නපුරයට ආ වැලිසර සෙබළු දෙදෙනෙකුට කොරෝනා..

වැලිසර නාවික හමුදා කදවුරේ සිට නිවාඩු ලබාගෙන පැමිණි රත්නපුර මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා ⁣ නිළධාරීන් දෙදෙකුට පි.සි.ආර් පරික්ෂණයෙන් පසු (25) සවස කොරෝනා වයිරසය ආසාදනය වි ඇති බවට අණාවරණය වි ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

කහවත්ත රිදිවිට ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි නාවික සෙබළකුට සහ කැගල්ල තල්දුව ප්‍රදේශයේ පදිංචි (37) හැවිරිදි ⁣ නාවික සෙබලෙකුට මෙලෙස කොරෝනා වයිරසය ආසාදනය වි ඇත.

වැලිසර නාවික හමුදා කදවුරේ සිට නිවාඩු ලබා පැමිණි සිටි මොවුන්ට පි.සි.ආර් පරික්ෂණයෙන් පසු කොරෝනා වයිරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි තිබෙි.

25 දා සවස එම නාවික සෙබළුන් දෙදෙනා වැඩිදුර පරික්ෂණ සදහා රත්නපුර මහා රෝහල් සිට කොළඹ අයි.ඩි.එචි. රෝහල වෙත මාරැකර යවා ඇතැයි ආරක්ෂික අංශ කියයි.

– බලන්ගොඩ  සමිපත් ප්‍රියනන්දන

57 views

4 Comments to “රත්නපුරයට ආ වැලිසර සෙබළු දෙදෙනෙකුට කොරෝනා..”

  1. Perera says:

    With the blessings of the noble Tripple Gem , May you all get well soon. The country needs you brothers.

  2. RAW Agent says:

    “කොරෝනා නිසා බ්‍රිතාන්‍යයේ මිය ගිය 18000න් 37%ක්ම සුලු ජාතිකයන්.
    එසේම වෛද්‍ය ක්ෂේත්‍රයේ මිය ගිය 56න් 43 දෙනෙක් ආසියා අප්‍රිකා ජාතීන්.”
    (මූලාශ්‍රය මව්බිම පුවත්පත. ලන්ඩන් සිට ශ්‍රී ලාංකිකයෙක් ලියු ලිපියක්)

    හිතන්නට බොහෝ දේ මේ ඉලක්කම් අතර තිබේ.
    ලංකාවට තමන් ගෙන්වා ගන්න කියා ආයාචනය කළ වෛද්‍යවරුන්ට එසේ
    සිතීමට හේතුව වටහා ගැනීමට තවත් සාක්ෂි වුවමනාද?
    වර්ග වාදයේ සෙවනැලි මේ සංඛ්‍යා තුළ නැද්ද?

    • thus says:

      එහෙම තමයි මිත්‍යාදුෂ්ඨික බුද්ධිමතුන් අවශ්තාවක් ආවිට එය කළමණාකරනය කර ගන්නේ…long time ahead.
      ඒකට අපි සම්‍යක්දෘෂ්ඨිකත් නෑ කළමණාකරනය කරගන්නෙත් නෑ…tubelight.

    • සුමන්දිරන් says:

      මේවා සම්පූර්ණ බොරු. මේරටවල් මහජාතියට කෙළවල හරි සුළු ජාතික අපේ අයිතිවාසිකම් රැක දෙන්න කොයි තරම් නම් වලිකනවද? අපේ මුළු ජනගහනයෙන් බාගෙකට වඩා දකුණෙ සිංහල මිනිස්සුත් එක්ක ඉන්න කොට උතුරෙ සහ නැගෙනහිර ඉන්න අපේ සුළු පිරිසකට මුළු රටෙන් 1/3ක භූමි පුමාණයක් සහ මුළුු වෙරළ තීරයෙන් 2/3 ක් අයිති වෙනම රටක් හදල දෙන්න මේ අය කොයි තරං නං උත්සාහ කරනවද?

Main News