රත්නපුරයට නැවතත් මහා ගංවතුර අවදානමක්..

May 30, 2017 at 10:40 am | lanka C news
රත්නපුරයට නැවතත් මහා ගංවතුර අවදානමක්..

රත්නපුර ප‍්‍රදේශයට මහා ගංවතුරක් ඇතිවීමේ අවදානමක් ඇති බව රත්නපුර වාරිමාර්ග ඉංජිනේරු අරුණ සමරතුංග මහතා පවසයි.

මහා ගංවතුරක් රත්නපුරයට ඇතිවන්නට මිලිමීටර් 327ක වර්ෂාවක් අවශ්‍ය වුවත් පවතින කාලගුණ තත්වය යටතේ මිලිමීටර 100ක වර්ෂාවක් ලැබුනත් රත්නපුරයට මහා ගංවතුරක් ඇති විය හැකි යයිද ඔහු සදහන් කරයි.

කළු ගගේ ජල මට්ටම මීටර් 9.2ක් ඉහල ගිය විට ගංවතුර තත්වයක් ඇති වන බවත් මෙවර එම මට්ටම මීටර් 11.6ක් තෙක් ඉහල ගිය බවද කියා සිටී.

ඔහු මේ බව කියා සිටියේ ආපදා තත්වය සම්බන්ධයෙන් කටයුතු කිරීම සදහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ රත්නපුරයේදී පැවති රැස්වීමේදීය.

370 views
Main News