රත්නපුරයෙන් පලමු කොරෝනා රෝගියා හමුවෙයි.. ඔහු මැණික් ව්‍යාපාරිකයෙක්..

March 18, 2020 at 6:48 pm | lanka C news
රත්නපුරයෙන් පලමු කොරෝනා රෝගියා හමුවෙයි.. ඔහු මැණික් ව්‍යාපාරිකයෙක්..

රත්නපුර දිස්ත්‍රික්කය තුළ හමුවූ පළමු කොරෝනා වෛරස් ආසාදිතයා හඳුනාගෙන තිබේ.

රත්නපුර මහ රෝහලේ දී මෙම රෝගියා හඳුනාගත් බව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

රත්නපුර නගරය ආශ්‍රිතව මැණික් ව්‍යාපාරයේ යෙදෙන මෙම පුද්ගලයා කොළඹ උණ රෝහලේ ප්‍රතිකාර ලබන දෙහිවල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරික කොරෝනා ආසාදිතයා සමග සම්බන්ධ වී සිටිය බවට ද තොරතුරු හෙළිව ඇත.

මෙම රෝගියා වහාම ජාතික උණ රෝහල වෙත මාරු කර ගැනීමට කටයුතු කර කර තිබේ.

ඔහු සමඟ සමීපව ඇසුරු කළ සියලු දෙනා මූලික රෝග ලක්ෂණ ඇත්නම් නොපමාව ළඟම පිහිටි රෝහලට ඇතුළත් වී අවශ්‍ය පරීක්ෂණ කටයුතු කර ගන්නා ලෙස ද ඉල්ලා සිටි.

මෙම මැණික් ව්‍යාපාරිකයාට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ සියලු මැණික් ව්‍යාපාරික ස්ථානවල ව්‍යාපාරික කටයුතු අද දින සිට සම්පූර්ණයෙන්ම නතර කිරීමට තීරණය කර තිබේ.

වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා මෙම තීරණය ගෙන ඇති බව එම දිස්ත්‍රික්කයේ මැණික් ව්‍යාපාරිකයන්ගේ සංගමය සඳහන් කරයි.

205 views

9 Comments to “රත්නපුරයෙන් පලමු කොරෝනා රෝගියා හමුවෙයි.. ඔහු මැණික් ව්‍යාපාරිකයෙක්..”

  1. shashi says:

    ai bn uba sabaragamuwe nama kewe.hm kmk ne ikkmant suwa weyan

    • 😥😥😥😥😥😥😥 says:

      ලොවටම දරුණු බියක් ඇතිකරන මේ වෛරසය රටින් තුරන්කර පාලනය කිරීමට එංගලන්තයේ සෑම දේශපාලන පක්‍ෂයක්ම ඉදිරිපත්වී එකමදෙයට එකඟවී තියෙනවා… පාසල් හෙට සිට වහලා දානවා… රැස්වීම් තහනම්.. පැතුරුනු රටවලින් රටට ඇතුලුවීම තහනම්…
      ඒ තමයි “”රටට”” ආදරය ඇත්තෝ..😊😊
      ඒකට අපේ රටේ….😡😡
      -මට කොරෝනා නම් මං දහසකට විතර බෝකරලා-නලින්
      -හමුදාව කොරෝනා මර්ධනයට විරුද්දව ජිනීවා වෙත පැමිණිලි කෙරේ..
      -පාසැල් වැහුවේ කොරෝනා නිසා නොවේ..ගුරු වැඩ වර්ජනය නිසා-හිරුණිකා
      -කොරෝනා වෛරසයට මා නවතන්න බෑ.. අදත් ජනහමු තුනක් පැවැත්තුවා- සජිත්
      මේ තමයි “”රටට”” කෙසේ වෙතත් “පක්‍ෂයට” විතරක්ම ආදරය xත්තෝ..😊😊
      ඒ අතින් නියම අලියා ලකුණේ අය සංවරව බුද්ධිමත්ව වචන භාවිතා කරනවා..

      • Me says:

        සම්පූර්ණ අැත්ත. රටට අාදරය කරනවාට වඩා තම උදර පෝෂණය සඳහා මුල්තැන දෙන ගොමපාලන ගැන්සිය එහෙම තමයි.

  2. 😥😥😥😥😥😥😥 says:

    මැණිකෙන් “කොත ” දිලිස නොවේවායි පතමු..!😥😥

  3. Nish says:

    // මෙම මැණික් ව්‍යාපාරිකයාට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ සියලු මැණික් ව්‍යාපාරික ස්ථානවල ව්‍යාපාරික කටයුතු අද දින සිට සම්පූර්ණයෙන්ම නතර කිරීමට තීරණය කර තිබේ.

    ඇති යන්තම්

  4. Gorona says:

    Koi wage sambandada kiyala danna mahattayek kiyala denna !

  5. බන්ඩා says:

    සල්ලි තිබුනට යාන වාහන තිබුනට බුද්ධිය පහල වෙන්නෙ නැහැ.

  6. MD says:

    SRI SUMANA SAMAN DEW BIMA.OTANINMA NAWATANNA DEWIYANI.

  7. nimalsiri says:

    ratnapure menik business eka avurudu gaanak thisse thibune muslim janathaawa atharaya.eaya avuruddakata
    keepavarak “kandhiri”kiyala buruyani ehema nagare sema minihekutama dunna.namuth me jaathivaadiyo ewwata viruddhawuna nisaa,den ewa okkoma sinhalayange athata gihilla.munnam henama hena amuma amu
    lobha kunaala.kochchara laaba lebuwath salli nehe kiyalai kiyanne.ekai me den deiyangen sinhala vyaapaarika
    yanta lebuna punishment eka.

Main News