රත්නපුරේ අවුල් කලා කියා මහින්ද, පවිත‍්‍රාට බැන්නාද..

April 26, 2018 at 8:40 am | lanka C news
රත්නපුරේ අවුල් කලා කියා මහින්ද, පවිත‍්‍රාට බැන්නාද..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තමන් කැදවා දැඩිව අවවාද කලේ යයි පල වන වාර්තා දැඩිව ප‍්‍රතික්‍ෂෙක කරන බව ඒකාබද්ද විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පවසන්නීය.

රත්නපුර නගර සභාවේ පාලන බලය පිහිටුවීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත හිටපු ජනාධිපතිවරයා විසින් තමාට අවවාද කලේ යයි පල වූ වාර්තා සම්බන්දයෙන් අදහස් කල කරමින් ඇය මේ බව පැවසීය.

රත්නපුර නගර සභාවේ බලය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට තනිව පිහිටුවිය හැකි තත්වයක් නොතිබූ නිසා එසේ පැවති වෙනත් සභාවලදී කටයුතු කල ආකාරයටම රත්නපුරයේදී වෙනත් පක්‍ෂවල සහාය ලබාගෙන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් බලය පිහිටවූ බවද මන්ත‍්‍රිවරිය සදහන් කරයි.

මේ ආකාරයේ අසත්‍ය පුවත් ප‍්‍රචාරය කරන්නේ මනාප තරගයේ යෙදෙන පිරිස් විසින් බවත් සදහන් කරන ඇය ඉදිරියේදීද ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ රත්නපුරයේදී ඉහලින්ම ඔසවා තැබීමට කටයුතු කරන බවද සදහන් කලාය.

19 views

3 Comments to “රත්නපුරේ අවුල් කලා කියා මහින්ද, පවිත‍්‍රාට බැන්නාද..”

  1. සුනඛයින් ලිපායදිංචි කිරී says:

    සුනඛයින් ලිපායදිංචි කිරීම හා ජලභීතිකා එන්නත් ලබාදීමට පියවර ගන්න පවිත‍්‍රා අක්කේ.

  2. Analyst says:

    You seem to have understood the Wish of Nation
    at this hour. All the patriotic people in this Country should rally round to one CAMP to defeat the harmful moves the current rulers bring. Act with restraint and patience and do not
    fall to the pitfalls of the antinational camps.

  3. විනී කොස්පැලවින්න. says:

    කොහොම උනත් පවිත්‍රා රත්නපුරේ UNP මන්ත්‍රී ඒ.ඒ.විජේතුංග එක්ක සෙටිවෙලා එයාගෙ ගෝලයට නගරාධිපතිකම අරගෙන දුන්නා.ජෝන් උත්සාහ කළේ අපේම කෙනෙකුට දෙන්න.අපිට දැන් තේරෙනවා ජෝන්ගෙයි පවිත්‍රාගෙයි වෙනස.
    බලමුකො පවිත්‍රාගෙ මහත්තයා (2) සබරගමු මහඇමති කරන හැටි.

Main News