රත්නපුරේ ආසාදිතයන් තිදෙනෙක් හමුවේ.. 60ක් නිරෝධායනයට.. සීවලී-ඇලෝසියස් පාසැල්වලටත් ආසාදිතයෙක් ගිහින්..

July 12, 2020 at 10:08 pm | lanka C news
රත්නපුරේ ආසාදිතයන් තිදෙනෙක් හමුවේ.. 60ක් නිරෝධායනයට.. සීවලී-ඇලෝසියස් පාසැල්වලටත් ආසාදිතයෙක් ගිහින්..

රත්නපුර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත වූ පුද්ගලයන් තුන් දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඔවුන් තිදෙනාම කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සේවයේ යෙදී සිටී යුද හමුදාවේ නිලධාරීන් තුන් දෙනෙකි.

ඔවුන් ආශ්‍රය කරන ලද පුද්ගලයන් 60 දෙනෙකු පමණ මේ වන විට ස්වයං නිරෝධායන යොමු කිරීමට කටයුතු කර තිබේ.

රත්නපුර දේවාලයගාව, කුරුවිට නඩුකාරදෙනිය, ඇහැලියගොඩ තොරණගොඩ ප්‍රදේශයන්වලින් මෙම ආසාදිතයන් තිදෙනා වාර්තා වෙයි.

මෙම තිදෙනාගෙන් එක් ආසාදිතයෙකු රත්නපුර සීවලී සහ ඇලෝසියස් විදුහල්වලට පැමිණ ඇති අතර එනිසා එදින පාසල් වලට පැමිණ සිටි ගුරුවරුන් සහ සෙසු පිරිස නිවෙස් තුළ නිරෝධනයට යොමු කර ඇත.

සබරගමුව පළාත් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මෙම තොරතුරු තහවුරු කළේය.

73,459 Viewers

14 Comments to “රත්නපුරේ ආසාදිතයන් තිදෙනෙක් හමුවේ.. 60ක් නිරෝධායනයට.. සීවලී-ඇලෝසියස් පාසැල්වලටත් ආසාදිතයෙක් ගිහින්..”

  1. කමලීනි says:

    මේ සතියේ විශ්වව විද්‍යාල වහන්න, අපි නම් කොහොමත් යන්නේ නැහැ. කොරෝනා වලින් බේරෙන්න හැකි සෑම දේම කරමු.

    • සිරා says:

      මේ යන විිිිිිදියට හමුදා කඳවුරැ කීයක් වහන්න වේවිද මන්දා.
      රටේ ජාතික ආරක්ෂාව අනතුරේ… ආරක්ෂක හමුදා සිවිල් කටයුතු වලින් ඈත් කර තබනු.
      සියලු හමුදා සාමාජිකයන්ට PCR පරීක්ෂණ කරනු.

      • ගොන් බයියා says:

        රෙස්පට් ස

        • Dushan Kumara says:

          අපේ පූරුවේ පවක් වත් තිබිලා මේ වෙද්දී සජිත් මේ රටේ ජනාධිපති වුනා නම් අපේ රටේ ලක්ෂ ගණනකට කොරෝනා හැදෙනවා අනිවාර්යෙන්. එහෙනම් දැනට ජීවත් වෙන අපේ මිනිස්සු දහස් ගණනක් ජීවතුන් අතර නැහැ මේ වෙද්දි. එහෙම වුනා නම් කොරෝනා ආපු එකට වගකියන්න ඕන කෙනා හොයන්න රාජිතගේ ප්‍රධානත්වෙන් කොමිසමක් දාවි උන් චීනෙකුත් කොමිසමට දාලා. ඊට පස්සෙ අනිල් ජාසිංහ මහත්තයා තමයි කොරෝනා ආපු එකට වග කියන්න ඕන කියලා එතුමාව අතඩංගුවට ගනීවි..ඇමරිකාවේ , යුරෝපේ, ඉන්දියාවේ තරම් අපේ රටේ මිනිස්සු ලක්ෂ ගණනක් මැරුනෙ නෑනෙ කියලා යහපාලුවො උජාරුවෙන් කියාවි මාධ්ය සාකච්ඡා තියලා.. ඊට පස්සෙ කොරෝනා ආවෙත් රාජපක්ෂලා නිසා කිය කියා අනුරකුමාරය රට වටේ යයි..

      • kumdhar says:

        ආසාදිතයන් හමුවන්නේ, කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් මිස හමුදා කඳවුරකින් නෙවෙයි!
        මෙය හමුදාපතිතුමා පැහැදිලි කළා.

  2. Please protect our life…………………..

    Economy to be improved while working with curved 19.

    Education to be done through internet, via Post office, via TV or News papers until India gets well.

    Why not think, rearranging of schools and students.

    Every student to go very near by school and learn…………..Once covid 19 is over then go back to their own schools.

    • Hudson says:

      But we must have 2/3rds to stop corona, sop signing MCC, giving free fertilizer and al concessions. so election is mandatory.

  3. බලමාලු says:

    අතිගරු මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමණි…

    මොනම දෙයක් කොයිවිදිහට වුනත් අප සැමදා ඔබ සමඟයි.ඔබයි අපේ අනාගතය අගමැති තුමණි.අප සැමදා ඔබට ණයගැතියි අගමැතිතුමණි.

  4. disce ammt diskedi says:

    කන් ද කඩුවේ ඉන්නෙ කුඩ්ඩෝ. කුඩු ගේන බෙදාහරින බොන උන් නිසා තමයි නේවි එකටත් දැන් නැවත රටටත් මේ මහ කරදරය​.
    ගෑවිච්ච උන් ව මරල දාන නීති ක්‍රියත්මක කරන්න​.

  5. Mel says:

    ජන්ද එපා එපා කියන කඩාකප්පල්කාරීන් විය හැක. අවදානයෙන් සිටින්න.

  6. Nandasoma Suriyaarachchi says:

    මාස දෙකකටත් වැඩි කාලයක් රට අභ්‍යන්තරයෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙක් හමු නොවී තිබුණු වාතාවරණයක් තුළ මේ අන්දමින් ආසාදිතයෙක් කන්දකාඩුවෙන් හෝ වෙනත් ස්ථානයකින් වාර්තා වූයේ කෙසේද…?

Main News