රත්නපුරේ කොරෝනා මැණික් පොකුරක්.. මැණික් ව්‍යාපාරිකයෝ PCR පරීක්‍ෂාවට විරුද්ද වෙති..

January 8, 2021 at 12:40 pm | lanka C news
රත්නපුරේ කොරෝනා මැණික් පොකුරක්.. මැණික් ව්‍යාපාරිකයෝ PCR පරීක්‍ෂාවට විරුද්ද වෙති..

රත්නපුර නගරයේ මැණික් ව්‍යාපාරිකයන්ගේ හැසිරීම අනුව කොරෝනා මැණික් පොකුරක් බිහි වනු ඇති බව දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය සඳහන් කරයි.

එම මැණික් ව්‍යාපාරිකයන් කොරෝනා PCR පරීක්ෂණ වලට යොමු වීමට දැඩි විරෝධයක් දක්වා ප්‍රතික්ෂේප කර ඇතැයිද ඇය පැවසුවාය.

ඒ අනුව පරීක්ෂණ වලට ඔවුන් ඉදිරිපත් නොවීමෙන් දැඩි අවදානමක් මතු වී තිබෙන බවත් ලේකම්වරිය සඳහන් කළාය.

කෙසේ වෙතත් පොලීසිය සැලසුම් සහගතව කටයුතු කරන්නේ නම් තත්ත්වය වළකාගත හැකි බවද ඇය පැවසුවාය.

15,272 views

5 Comments to “රත්නපුරේ කොරෝනා මැණික් පොකුරක්.. මැණික් ව්‍යාපාරිකයෝ PCR පරීක්‍ෂාවට විරුද්ද වෙති..”

  1. කේලමා says:

    ඕකට පොලීසියේ මහත්තුරු ඕන නෑ , කොන්ද පන තියෙන අසල්වාසීන් හිටියාම ඇති .

  2. පොඩි එකා says:

    පොලිස් සියට පඩි ගෙවන්නෙ ඔය ලේකං තුමී නෙවෙයි නෙ.
    ඒව දෙන්නෙ ඒ වියාපාරික ඇත්තො.
    පොලොසිය එයැය්ලා ව අල්ලන්නෙ නෑ.
    එයැයිලා පොලෝසිය ව අල්ලං ඉන්නෙ ගානට.

  3. MD says:

    මැණික් ගල් විකුණන මිලදී ගන්නා අය වුනාට පපුවෙ තියෙන්නේ කළුගල් වගේ.ආත්මාර්ථකාමී කුහකයෝ දුෂ්ටයො.සමන් දෙවියන්ට ඇසේවා පේනේවා.

    • ක්‍රිමිනල් says:

      ඔව්වා මොනාද බෛයො කොවිඩ්19 ආසදනය වෙච්චී යුක්‍රේණියානූ සංචාරකයො ආශ්‍රය කරලා උදයංග වීරතුංගලා ,ෆේස් මාස්ක් නැතුව මාධ්‍ය සාකච්ඡා තියන්නේ.

  4. බිල්ල says:

    සඵලතාවය 70% වන PCR පරීක්‍ෂණය හරිම අවදානම් එකක්. කොවිඩ් -19 වෛරසය ඇඟේ නැතුවත් PCR positive වෙන්න පුළුවන්. අනික PCR කරලා positive වුනත් මුන්ගේ බටහිර පෙති එන්නත් වලින් කොරෝනා සුවකරන්නත් බැරි වුනත් මිනිස්සුන්ව අල්ලන්ගිහින් නිරෝධායන කඳවුරක ගාල් කරණ එකෙන් බේරිලා කෝකටත් ගෙදර ගිහින් කොත්තමල්ලි බොන එක වඩා පලදායකයි .

Main News