රත්නපුරේ සහන කටයුතුවලට ජෝන්ගේ අලුත් අමාත්‍යාංශයේ මංගල කාර්ය අරඹයි..

May 28, 2017 at 5:30 pm | lanka C news
රත්නපුරේ සහන කටයුතුවලට ජෝන්ගේ අලුත් අමාත්‍යාංශයේ මංගල කාර්ය අරඹයි..

මෑතකදී සිදු කල අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදි සබරගමු සංවර්ධනයට නව අමාත්‍යාංශය ඇති කල අතර එහි අමාත්‍යවරයා ලෙස කම්කරු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා ජනාධිපතිවරයා විසින් පත් කලේ ය.

මෙම අමාත්‍යාංශයේ මංගල රාජකාරි කටයුත්ත ලෙස මේ දිනවල ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවෙන් විපතට පත් රත්නපුර ඇතුළු සබරගමු ජනතාවට වහාම සහන සැලසීමට අමාත්‍යවරයා විසින් සබරගමු සංවර්ධන අමාත්‍යාංශය හරහා වහාම ක්‍රියාමාර්ග ගන්නා බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සතියේ ඉරිදා ලංකාදීප සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවේදි නව අමාත්‍යවරයා පවසා සිටියේ සබරගමු සංවර්ධනයට අවශ්‍ය මුදල් මේ වනවිටත් ආණ්ඩුව විසින් වෙන් කොට ඇති බවයි.

බොහෝ දුරට නව අමාත්‍යාංශය කාර්යාලයක් රත්නපුර නගරයේ වහාම ස්ථාපිත කොට විපතට පත් ජනතාවට කඩිනමින් සහන සැලසීමට අවශ්‍ය කටයුතු යොදවනු ඇතැයි රත්නපුර ප්‍රදේශයේ ප්‍රාදේශිය දේශපාලන බලධාරීන් ඇතුළු ජනතාව බලාපොරොත්තු වේ.

25 views
Main News