රත්නපුරේ ජනතා සිහිනය මැණික් කුළුණයි… එය ඉදි කර සිහිනය යථාර්ථයක් කරනවා..- අගමැති

January 16, 2021 at 8:40 am | lanka C news
රත්නපුරේ ජනතා සිහිනය මැණික් කුළුණයි… එය ඉදි කර සිහිනය යථාර්ථයක් කරනවා..- අගමැති

රත්නපුරේ ජනතාව දශක කිහිපයක් බලා සිටි මැණික් කුලුනක් ඉදිවීමේ සිහිනය අද පටන් යථාර්ථයක් වන බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 15 දින පැවසීය.

රත්නපුර, දෙමුමාවත මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර මැණික් කුලුනට මුල්ගල් තැබීම නිමිත්තෙන් අන්තර්ජාල වීඩියෝ  තාක්ෂණය ඔස්සේ සුබ පැතුම් එක් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

ඒ අනුව ඉදිරි වසර 4ක කාලය තුළ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 5ක විදේශ විනිමය ලැබෙනු ඇතැයි රජය අපේක්ෂා කරන බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

රත්නපුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර මැණික් කුලුනට මුල්ගල් තැබීම කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, මැණික් හා ස්වර්ණාභරණ ආශිත්‍ර කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහත්වරු ඇතුළු මැති අමැතිවරුන් රැසකගේ ප්‍රධානත්වයෙන් අද දින රත්නපුර දෙමුමාවත දී සිදු විය.

ඒ වෙනුවෙන් සුබ පැතුම් එක් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ද කීවේය.

අපේ මාතෘ භූමිය අපි හදුන්වන්නෙ රත්න දීපය කියලා, ඒ තරම් වටිනාකමක් ලෝකය හමුවේ මැණික් කර්මාන්තයෙන් අපට ලැබෙනවා. මේ කර්මාන්තය අද ඊයේ ඇති වූවක් නෙමෙයි. ශත වර්ෂ ගණනාවක් අපේ මුතුන් මිත්තන් මේ පොළොවෙන් මතුවන මැණික්වල වටිනාකම් රටට දායාද කළා.

ලොව දියුණවත් සමඟ මේ කර්මාන්තයත් ඉදිරියට ගියා. ශ්‍රී ලංකාව පමණක් නෙවෙයි ලොව බොහෝ රටවල් තරගකාරීව මැණික් කර්මාන්තයට ප්‍රවිශ්ට වුණා. හැබැයි අපේ රටට ඇතැම් කාල වකවානුවල ඒ සඳහා අවධානයක් යොමු කළේ නැහැ.

එහි ප්‍රතිඵලයක් ලෙස මැණික් කර්මාන්තයේ නියැලෙන ව්‍යාපාරිකයන් මෙන්ම සේවකයන් විවිධ දුෂ්කරතාවලට මුහුණ පෑවා. ඔවුන්ගේ පවුල්වල දරුවන්ටත් එහි බලපෑම් එල්ල වුණා.

රජයක් විධියට අප සෑම අවස්ථාවකම මැණික් කර්මාන්තකරුවා රැක ගැනීමට වෙහෙසිලා තියෙනවා. මැණික්වල වටිනාකම රටේ වටිනාකමට යා කරගැනීමට විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. රත්නපුරේ ඔබට මැණික් ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. සබරගමුව වගේම තවත් පළාත් කිහිපයක සිදුවන මෙම මැණික් කර්මාන්තයට වෙනදාට වැඩි අවධානයක් අපි යොමු කරනවා.

සෞභාග්‍ය යේ දැක්ම යටතේ රත්නපුරට මැණික් කුලුනක් ඉදිවීම අද පටන් යථාර්ථයක් වන බව මම ඔබට ප්‍රකාශ කරන්න කැමතියි. එය ඔබ දශක ගණනාවක් බලා සිටි සිහිනයක් සැබෑ වීමක්.

අද ඉදිවන මෙම අති නවීන මැණික් කුලුනේ ස්වර්ණාභරන අධිකාරියේ කාර්යාල සංකීර්ණයක්, වෙළඳ සංකීර්ණයක්, බැංකු පද්ධතියක්, අධි ආරක්ෂණ පද්ධතියක් මෙන්ම ඔබට අවශ්‍ය වාහන නැවැත්වීමේ අංගනයක් ද ඉදිවෙනවා.

අපේ මෙම උත්සාහය මල් ඵල දරන විට, ඉදිරි වසර 4ක කාලය තුළ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 5ක විදේශ විනිමය ලැබෙනු ඇතැයි අපි විශ්වාස කරනවා.

මෙම කටයුත්ත සාර්ථක කරගැනීමට වෙහෙසෙන කර්මාන්ත ඇමතිතුමාටත්,  මැණික් හා ස්වර්ණාභරණ ආශිත්‍ර කර්මාන්ත රාජ්‍ය ඇමතිතුමාටත් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියටත් මාගේ සුභාශිංසනය පිරිණමනවා.

මැණික් කර්මාන්තයේ නිරත ඔබ සැමට සුබ අනාගතයක් වේවා ! යැයි අග්‍රාමාත්‍යතුමා සුබ පැතුම් එක් කරමින් කියා සිටියේය.

මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශ ලේකම් එස්.එම් පියතිස්ස මහතා මෙම අවස්ථාවට පැමිණි සම්භාවනීය අමුත්තන් පිළිගෙන මුල්ගල් තබන ස්ථානයට කැදවාගෙන ගියේය.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ඇතුළු එම අධිකාරියේ සේවක පිරිස මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රාදේවි වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව න ජෝන් සෙනවිරත්න, ගාමිණී වලේබොඩ, සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව  ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් එක්ව සිටියහ.

රොහාන් වැලිවිට
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

21,888 views

20 Comments to “රත්නපුරේ ජනතා සිහිනය මැණික් කුළුණයි… එය ඉදි කර සිහිනය යථාර්ථයක් කරනවා..- අගමැති”

  1. SL says:

    ඒකෙ නමත් මහින්ද රාජපක්ෂ කුලුණ ද?
    විහිලු සපයන්න එපා අගමැතිතුමො.

  2. ft says:

    දේශපාලකයින් විසින් තමන්ගේ බලය යොදා මහජන දේපල තමන්ගේ නමට ගැනීම නොකළ යුතුය. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල ‘බණ්ඩාරනායක’ ලෙස නම් කළා. කෝට්ටේ ප්‍රදේශය ‘ශ්‍රී ජයවර්ධනපුර’ ලෙස තම තමන්ගේ නම යෙදුවා.

    • Nuwan says:

      You are a uneducated fool whoever you are. Sri Jayawardena Pura, was not named after JR Jayawardena. It was it’s historic name. 😂😂😂

  3. අජිත් says:

    හැම දෙයටම මෙයාගෙ නම දාන්නේ ඇයි. මෙක හදන්නේ මෙයාගෙ සල්ලි වලින්ද.

  4. Prasad says:

    නෙළුම් කුළුණ හදල තවම හරියට ඉවර කරලා open කරන්න බැරිවුණා… මහා ණය කන්ද….
    ඒ මදිවාට තමන්ගේ නම දාගෙන මුලින්ම…

  5. Mtmmanvar says:

    Ratnapura janathawa menika kulunak nathikamin kanna nethiwa mandaposanayen pelenawada ? Meka thama rate athy loku a prasnaya.

  6. ක්‍රිමිනල් says:

    බෛයො අහනවා , ඇයි මහින්ද හැදුලා , එතුමගේ නම දාගත්තම මොකද වෙන්නේ කියලා , අපි කියනවා තමන් කැමති නමක් දාගනිල්ලා , උන්ගේ ගෙවල් වලින් සල්ලි ගෙනල්ලා , හදනලා දානවනං , මේ රටේ සල්ලි ,ජනතාවගේ බදු මුදල් ,නම මහින්දගේ , ඔව්වා මොනාද බං ,අපේ බදු සල්ලී වලින් තමන්ගේ දෙමාපියන්ගේ සොහොන් ගෙවල් හදලා ,උන්දැලැගෙම නංගං දාගත්තූ එකේ. 😂😂😂

  7. මිනිහෙක් දුර පෙනෙන says:

    රත්නපුර ගිලාබස්සවනව නොඅනුමානයි හොදගැහිල්ලක් එක්ක අයියලා මල්ලිල , හැබැයි මෙයා ඊට කලින් කජ්ජ ගහනව සිකුරුයි. අනිවා…… තව ටික දොහයි.

  8. පොඩි එකා says:

    මයිං ද ජරාපස්ස කියලා නම දාගත්තට ඕක හදන්ට කලිං ඌ මැරෙයි, දැනටම බාගෙට ඉදිමිලා ඉන්නෙ එම්බාම් එක කරලා වගෙ.

    මල්ලිගෙ නැට්ටෙ එල්ලිලා දිවිය ලෝකෙ යන්ඩ කල්පනාව.

    තුහ් නොදකිං.

    රත්නපුර මැණික් කුලුන කියලා තිබ්බා නං කොච්චර ලස්සනද ?

    තන්හාසෙ ඉවරයක් නැති මල පෙරේත බහිරවයෙක් .

  9. Meka hadapu ganan seeni pol. Thel. Ala sahal mila adu wenawa. Wesikili heduwa
    .meets.honda

  10. Jagath says:

    ඔබතුමා දැන් විශ්‍රාම ගත්තොත් නරක ද???? නහින දෙහින කාලේ.

Main News