රත්නපුර අධි අවදානම්.. පැත්තක් ලොක්ඩවුන්..

December 18, 2020 at 8:40 am | lanka C news
රත්නපුර අධි අවදානම්.. පැත්තක් ලොක්ඩවුන්..

කොරෝනා වෛරසය පැතිර යාම හේතුවෙන් රත්නපුර නගරය අධි අවදානම තත්වයට පත්ව ඇතැයි පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සඳහන් කරයි.

ඊයේ දිනයේ රැස්වූ එම දිස්ත්‍රික් කොරෝනා වෛරස මර්ධන කමිටුව තීරණය කරන ලද්දේ රත්නපුර කුඩුගල්වත්ත ප්‍රදේශය තාවකාලිකව වසා දැමීමටයි.

එමෙන්ම නගරයේ ප්‍රධාන පාසැල් තුනක්ද වසා දැමීමට තීරණය කර ඇත. මුස්ලිම් පල්ලි ද සියල්ල වසා දමා ඇත.

කුඩුගල්නත්ත ප්‍රදේශයේ අහඹු ලෙස සිදු වූ සිදු කරන ලද කොරෝනා පරීක්ෂණ 20කින් 07 දෙනෙකු ආසාදිතයන් යැයි හඳුනාගෙන ඇත.

දිස්ත්‍රික්කය තුල මේ වන විට කොරෝනා ආසාදිතයන් 572ක් හඳුනාගෙන තිබේ.

පවතින අවදානම් තත්ත්වය නිසා නගරය ආශ්‍රිතවත් සංචරණය දැඩිව සීමා කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටියි.

19,194 views

2 Comments to “රත්නපුර අධි අවදානම්.. පැත්තක් ලොක්ඩවුන්..”

  1. ක්‍රිමිනල් says:

    කොවිඩ්19 මර්ධනය කරනවට වඩා මේ පාණ්ඩුව ප්‍රමුඛත්වය දුන්නේ , මිත්‍යාව ප්‍රමොට් කරන්න. උම්මා දේවීගේ මුට්ටිය රත්නපුරේට හොදට වැඩකරලා වගේ. කිසිම ප්‍රතිපත්තියක් ,දැක්මක් නැති පාණ්ඩුවක්.

  2. GAMINI SENANAYAKE says:

    Because of living health minister.

Main News