රත්නපුර නගරයට නැවතත් විශාල ගංවතුර අවදානමක්..

June 6, 2017 at 5:30 pm | lanka C news
රත්නපුර නගරයට නැවතත් විශාල ගංවතුර අවදානමක්..

නායයාමේ අවදානම දිගින් දිගටම පවතින ප්‍රදේශයන්හී ගස් කැපීම,කඳු ඉඩම් එළි පෙහෙලි කර තේ වැවීම,බැකෝ රථ යොදා ගනිමින් මැණික් ගැරීම සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතු බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා සහ සබරගමු සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළ කලේ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති රත්නපුර ආසනයේ ආපදා ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි.

තවදුරටත් අදහස් දක්වමින්,”ආපදාවට ලක්වු ජනතාවට කඩිනම් සහන සලසමින්, ඔවුනගේ ජීවන තත්ත්වය යථාතත්ත්වය පත්කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට තමයි මේ රැස්වීම පවත්වන්නේ.ජනාධිපතිතුමා මේ වැඩපිළිවෙල කාර්යක්ෂම කරන්න ආසන මට්ටමෙන් අමාත්‍යවරු පත්කර තිබෙනවා.රත්නපුර ආසනයට කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් අමාත්‍යතුමා පත්කර තිබෙනවා.එතුමා සහ එතුමගේ අමාත්‍යංශයේ සහ අනුබද්ධවල ආයතනවල ප්‍රධාන නිලධාරීන් අද ඇවිල්ලා තියෙන්නේ මෙම වැඩපිළිවෙලට අවශ්‍ය සහය ලබා දීමට.ඒක නිසා අද අපි ගන්න සාමුහික තීන්දු කඩිනමින් ක්‍රියාත්මක කිරීම රජයේ නිලදාරීන්ගේ වගකීමක්. ත්‍රිවිධ හමුදාව,පොලීසිය,සිවිල් ආරක්ෂක බලකාය මෙම ආපදා තත්ත්වය ඇතිවු අවස්ථාවේ සිට මේ දක්වා රත්නපුර දිස්ත්‍රික්කය තුළ සිදු කරන සේවාව අපි විශේෂයෙන් අගය කළ යුතුයි.

දැන් ආපදාවට ලක්වු ජනතාව තමන්ගේ නිවෙස්වල පදිංචි වෙමින් සිටිනවා.ඔවුනට ගෙදර දොර ඉවුම් පිහිම් කටයුතු වලට අවශ්‍ය මුලික උපකරණ කඩිනමින් ලබා දිය යුතුයි. පානීය ජලය ,විදුලිය,පාසල් ළමයින්ට අවශ්‍ය පොත්පත් ඇතුලු අනිකුත් උපකරණ කඩිනමින් ලබා දිය යුතුයි.නිවාස අලුත් වැඩියා කිරීමට පිරිසිදු කර ගැනීම් කටයුතු වලට අවශ්‍ය සහය ලබා දිය යුතුයි. අලාභානී වු නිවාස නැවත ඉදිකර ගැනීමට රජයෙන් උපරිමය ලක්ෂ 25ක් දෙන්න එකඟ වෙලා තියෙනවා.අලාභානී වූ නිවාස සඳහාද වන්දි ලබා දීමට නියමිතයි.ඒ සියළු කාර්යයන් කඩිනමින් ඉටු කර දීමේ වගකීම අපිට තියෙනවා. ඒ සඳහා රාජ්‍ය නිලදාරීන්ගේ කැපවීමත් අත්‍යවශ්‍යයි.”සෙනෙවිරත්න මහතා පැවසීය.

තවදුරටත් අදහස් දක්වමින්, රත්නපුර නගරය අවට සහ රත්නපුර දිස්ත්‍රික්කය පුරාවට කඳු පංති ගණනාවක් නායයාමේ අවදානමක් ඇති බවට අපට දන්වලා තියෙනවා.එය බරපතල තත්ත්වයක්.එයට මුහුණ දීමට අපි කඩිනමින් සුදානම් විය යුතුයි.නායයාමේ අවදානම් ස්ථාන වල ජනතාව නැවත පදිංචි කිරීමට අපිය බැහැ.ඒ සඳහාත් විකල්ප වැඩපිළිවෙලක් අවශ්‍යයි.විශාල වර්ෂාපතනයක් ඇති වුවහොත් රත්නපුර නගරයට මෙවැනි විශාල ගංවතුරක් නැවත ඇති විය හැකියි. එම නිසා යෝජිත කළු ගග ව්‍යාපෘතිය නැවත පණගන්වන ලෙස පාර්ශව ගණනාවකින් යෝජනා ඉදිරිපත් වී තිබෙනවා.ඒ සම්බන්ධවත් අපි රජය දැනුවත් කිරීමට ඉදිරියේ කටයුතු කරනවා.අමාත්‍යවරයා පැවසීය.

– ධම්මික තිලකරත්න

35 views

2 Comments to “රත්නපුර නගරයට නැවතත් විශාල ගංවතුර අවදානමක්..”

  1. Raawana says:

    Ratnapureta niyama kenek daala thibenne. wilpaththuwa wage weyida danne nehe.

  2. Raawana says:

    Deshapaalakayinge anuhasin bakhow damala pathal kepuwe peeditha janathaawane.Wel godakarala bildim gehuwe kamkaru janathaawa.ewaye pala wipaaka windinne danpthi panthiya.

Main News