රත්නපුර නාය යාමේ අවදානම්..

April 17, 2020 at 2:06 am | lanka C news
රත්නපුර නාය යාමේ අවදානම්..

මෝසමි වර්ෂාවට පෙර අන්තර් මෝසමි වර්ෂාව ආරම්භ වි ඇති බැවින් රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න, වැලිගෙපොල සහ ගොඩකවෙල ප්‍රදේශිය ලේකම් කොටිඨාශවලට මෙ දිනවල පස්වරුවේ මිලිමිටර් 60-70 ත් අතර වර්ෂාපතනයක් පවතින බැවින් නාය අවදානම් කලාපවල පදිංචි ජනතාව ඒ සමිබන්දයෙන් විමසිලිමත්වෙන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ රත්නපුර ඉංජිනේරු අභිත වණසුන්දර මහතා පැවැසිය.

රත්නපුර දිස්ත්‍රික්කයම ආවරණ වන පරිදි වර්ෂාමාන ස්ථාපනය කරිමට කටයුතු කර ඇති බව එි මහතා කිය.

එයට අමතරව රත්නපුර ,අයගම,කලවාන ,ඇහැලියගොඩ ,කුරැවිට,පැල්මඩුල්ල හා ඔිපනායක ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශවලටද පස්වරැ 2.00 න් පසු මිලිලිටර් 50 ක පමණ වර්ෂාවක් ඇතිවෙන බවද ඒ මහතා කිය.

රත්නපුර දිස්ත්‍රිකයේම නාය අවදානම් කලාප වල ජිවත්නෙ ජනතාව මෙිි සමිබන්දයෙන් විමසිලිමත්විම ඉතා වැදගත් බව අභිත වණසුන්දර මහතා පැවැසිය.

කොරෝනා වයිරසය අවදානම හේතුවෙන් සැම පවුලකම සියළුම දෙනා මෙිි දිනවල නිවෙස්වල රැදි සිටින බැවින් වර්ෂාවත් සමග නාය අවදානම් තත්ත්වයක් ඇති වුවහොත් අවදානම් තත්ත්වය ඉහල යන බැවින් ජනතාව ඒ සමිබන්දයෙන් දැඩි ලෙස කල්පනාකාරී විම වැදගති බව අභිත වණසුන්දර පැවැසිය.

රත්නපුර දිස්ත්‍රික්කයේ කුමන ප්‍රදේශයක වුවද වර්ෂාවත් සමග නාය යැමෙි අවදානමක් ඇති වුවහොත් 077 5911726/ 0715126982/ 0718627030 යන දුරකතන අංකවලට දැනුම් දෙන ලෙස අභිත වණසුන්දර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටි.

– බලන්ගොඩ සමිපත් ප්‍රියනන්දන

2,383 Viewers

One Comment to “රත්නපුර නාය යාමේ අවදානම්..”

  1. m ahinda says:

    Roads constructed by Chinese and other parties involved are mostly responsible for slips in the R’pura area due to non standard and un-suitable construction method carried out

Main News