රත්නපුර රැලිය පුස්‌ වෙඩිල්ලක්‌… හැකිනම් කුරුණෑගලට ආවා වගේ ලක්‍ෂ ගණනක් ගෙන්වා පෙන්වනු..

October 8, 2016 at 11:20 am | lanka C news
රත්නපුර රැලිය පුස්‌ වෙඩිල්ලක්‌… හැකිනම් කුරුණෑගලට ආවා වගේ ලක්‍ෂ ගණනක් ගෙන්වා පෙන්වනු..

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ 65 වැනි සංවත්සර උළෙලට කුරුණෑගල මාලිගාපිටියට පැමිණි ලක්‌ෂ සංඛ්‍යාත ජනතාව මෙන් ජනතාවක්‌ පුළුවන්නම් රත්නපුර නගරයට ගෙනවිත් පෙන්වන ලෙස ඒකාබද්ධ විපක්‌ෂයට තමන් අභියෝග කරන බව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහ ලේකම් ධීවර හා ජලජ සම්පත් ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය.

අද 8 දා රත්නපුරේ පැවැත්වෙන ඒකාබද්ධ විපක්‌ෂයේ ජනරැලිය තවත් එක්‌ පුස්‌ වෙඩිල්ලක්‌ විතරයි. මෙම රැලියෙන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයට හෝ ආණ්‌ඩුවට කිසිම බලපෑමක්‌ නැහැ.

මීට පෙරත් මේ කණ්‌ඩායම රැස්‌වීම් තිබ්බා. පෙලපාලි ගියා. පොල් ගැහුවා. ගම්මිරිස්‌ ඇඹරුවා. වැඩක්‌ වුණාද නැහැ.

අලුත් බලවේග හදන්න මේ අයට බැහැ. ජනතාව මේ අය කියන ඒවා පිළිගත්තෙ නැහැ. මේ අයගේ කැරටට්‌ටුව ජනතාව හොඳට දන්නවා. රැස්‌වීම් තියලා පෙළපාලි ගිහිල්ලා මේ අය උත්සාහ කරන්නේ තමන් ළඟ සිටින සුළු පිරිස රැක ගැනීමට පමණක්‌ යෑයිද ඇමැතිවරයා පැවැසීය.

– දිවයින

42 views
Main News