රත්නපුර රැළියෙන් තවත් බයවෙයි.. පුංචි ඡන්දය ලබන වසරේ අගට කල් දමයි..

October 10, 2016 at 2:10 pm | lanka C news
රත්නපුර රැළියෙන් තවත් බයවෙයි.. පුංචි ඡන්දය ලබන වසරේ අගට කල් දමයි..

ලබන ජනවාරියේදී ආණ්ඩුව පෙරලා දමන බවට ඒකාබද්ද විපක්‍ෂය කියා සිටියත් ලබන වසරේ අග භාගය වන තෙක් ඡන්දයක් පැවැත්වීමට හැකියාවක් නැති බව රාජ්‍ය ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා පවසයි. පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයද 2017 වසරේ ජුනි මාසයට පෙර පැවැත්විය නොහැකි යයිද ඔහු කියා සිටියේය.

සීමා නීර්ණය අවන් කිරීම, සංශෝධන ඇතුළත් කිරීම, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීම, ගැසට් කිරීම ආදියට තවත් සැලකිය යුතු කාලයක් ගතවනු ඇතැයිද ඔහු කියා සිටියේ ඊයේ දිනයේ හක්මනදී පැවති ජන හමුවක් අමතමිනි.

එනිසා පළාත් පාලන මැතිවරණයද පවත්වන්නේ එන වසරේ ජුනි මාසයටද පසුව නිසා ඒකාබද්ද විපක්‍ෂය කියන ආකාරයට ජනවාරියේ ආණ්ඩුවක් ගැනීමට හැකියාවක් නැතැයිද ඔහු සදහන් කලේය.

2 views

3 Comments to “රත්නපුර රැළියෙන් තවත් බයවෙයි.. පුංචි ඡන්දය ලබන වසරේ අගට කල් දමයි..”

  1. තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය says:

    ඡන්ද සිතියම ඇකුලුවේ නැතිනම් ඉතින්, මූ ජේ. ආර්. ගේ බෑණා නෙමෙයි නෙ.

    අළුත් පරපුර, මහින්ද ගේ කාලෙ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තිබුනේ නෑ කියලා කිව්වේ, ඒ අය, ජේ. ආර්. යුගය, ප්‍රේමදාස යුගය, දැකලා නොතිබුනු නිසා නේ. ඔන්න දැන් බලා ගන්න.

    ඡන්ද සිතියම ඇකිලීම
    විරුද්ධ පක්ෂ නායකයන් ගේ ප්‍රජා අයිතිය නැති කිරීම
    විරුද්ධ පක්ෂයේ ප්‍රධාන අපේක්ෂකයා ගේ ඡන්දය හොරට දැමීම

    ජේ අර් යුගය / ප්‍රේමදාස යුගය දැකල නැති අය, දැන් රනිල් ගෙන් බලා ගන්න.

  2. saradieal says:

    දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදින්ට එරෙහිව තීරණාත්මක යුද්ධය ක්‍රියාත්මක කරනවිට එජාපය කියාසිටියේ කිලිනොච්චිය කියා මැදවච්චියට ගිය බවද, අලිමංකඩ යනවා කියා පාමංකඩ යන බවක්ය. තොප්පිගල කැලෑවක් බවය. මුලතිව්වලදී හොද කෑමක් කන බවය. යුද්ධ කරන්නට ඕන ගොනෙකුටද කලහැකි බවය. ඊයේ පෙරේදා එළිදැක්වු විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ කොටි සංවිධානය පරාජයේ සත්‍ය කථාව ග්‍රන්ථයෙන් මේවාට හොඳ පිළිතුරක් දී ඇත. එම ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් වූයේ යුධ ජයග්‍රහණයේ සැබෑ නියමුවන්වු පස්වන ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟින් එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂය. යුද්ධයේ ජයග්‍රහණයෙන් හතරෙන් තුනක් තමා කලායැයි කියන චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියගේ සහ කරුණා අම්මාන් කඩා යුද්ධය දින්නායැයි කියන අගමැති රනිල් වික්‍රමසිංහගේ කථා දැන් හරියට අංකුරාගේ කැලෑසියේදී කබරගොයා, තලගොයා බවට නොව කුරුළුගොයා බවට පත්වීමකි.

  3. shantha dissanayake KURU says:

    HIWALEK HIWALEK

Main News