රත්නපුර රෝහලේ වෛද්‍යවරු, හෙදියන් ඇතුළු 14කට කොරෝනා.. වාට්ටුවක් වසා දමයි..

December 30, 2020 at 12:00 pm | lanka C news
රත්නපුර රෝහලේ වෛද්‍යවරු, හෙදියන් ඇතුළු 14කට කොරෝනා.. වාට්ටුවක් වසා දමයි..

රත්නපුර මහ රෝහලේ 24 වාට්ටුව වසා දැමීමට කටයුතු කර තිබේ.

එම රෝහලේ වෛද්‍යවරයෙකුට, හෙද කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට, සුළු සේවක දෙදෙනෙකුට හා කොරෝනා යැයි සැක සහිත රෝගීන් රඳවා සිටින වාට්ටුවේ නව දෙනකොට වෛරසය ආසාදනය වී හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

අහඹු ලෙස සිදු කරන ලද පරීක්ෂණයකදී මෙම ආසාදිතයන් හමු වී ඇත.

ආසාදිතයන් සියළු දෙනා ප‍්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර ආශ‍්‍රිතයන් නිරෝධායනයට යොමු කර තිබේ.

10,770 views

2 Comments to “රත්නපුර රෝහලේ වෛද්‍යවරු, හෙදියන් ඇතුළු 14කට කොරෝනා.. වාට්ටුවක් වසා දමයි..”

  1. රන්වල says:

    කෑගල්ලෙන් කාලෙ බෝතල් කීපයක පැණි රත්නපුර රෝහලට යැවීම දැනට ඇති හොදම විසදුමයි අපි හෙලයො බොලවු.

  2. කැප්පෙටිපොළ says:

    විස්වාසය නැතිනම් ශ්‍රද්ධාව තව හොද දෙයකි ගුණ වඩන
    රට ජාතිය ආගම තුනක් වේ තේරුම් ගත යුතු වචන
    මෙය අනු පිළිවෙල ලෙස දන
    ආගම ඉදිරියට ආවොත් වේ පිලිවෙල රට ජාතිය නසන

    රටකට එක නිතියක් ගේන්න
    ජාතියට හිමි භාෂාව රකින්න
    ආර්ථිකය හෙමින් පනගන්වන්න
    රටකට හිමි සංස්කෘතිය රකින්න

    රට වෙනුවෙන් දිවිපිදුවේ හමුදාව බව සිතන්න
    ඔවුන්ට පන්නරය දුන්නෙ සංඝයා බව සිතන්න
    රැකිමක් නැතත් රැකිමක් ඇති බව වටහාගන්න
    නොරැකිම එන්නෙ රැකිම තුලින් බව දැනගන්න

    රැකිම අතහරින්න එපා පළමුව
    එය කල යුත්තෙ සියලු දෙයින් පසුව
    රැකමෙන් තොරව පාරමිතාවක් තිබේද සිතුව
    පාරමිතාවලට පසුව එළඹෙන්නෙ සැදැව

Main News