රත්නපුර හිමිනමගෙන් මැරුම් කෑ පොලිස් සැරයන්ට ඊට පෙර කිලිනොච්චියෙදීත් මාරක ප්‍රහාරයක්…

July 13, 2018 at 8:40 am | lanka C news
රත්නපුර හිමිනමගෙන් මැරුම් කෑ පොලිස් සැරයන්ට ඊට පෙර කිලිනොච්චියෙදීත් මාරක ප්‍රහාරයක්…

රත්නපුර කොස්පැලවින් ප්‍රදේශයේදී හිමිනමකගේ පහරදීමකින් මිය ගිය පොලිස් සැරයන් සමරවික්‍රම මහතා ඊට පෙර කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ රාජකාරි කරමින් සිටියදීද මාරක ප්‍රහාරයක් එල්ල වී ඇති බවට කිලිනොච්චිය පොලීසිය කියා සිටියේය.

2016 වසරේ ඔක්තොම්බර් මස 25 වනදා උතුරු පලාතේ පැවති හර්තාල් ව්‍යාපාරයක් හේතුවෙන් කිලිනොච්චිය දිස්ත්‍රීක් මහරෝහල ඉදිරිපිටදී බීමතින් හැසිරෙමින් ජනතාවට හිරිහැර කරන ලද පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී මෙම මාරක ප්‍රහාරය එල්ල වී ඇති බවට වාර්ථා වෙයි.

බීමතින් හැසිරෙමින් ජනතාවට බාධා කරන ලද පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් සැරයන් සමරවික්‍රම නිලධාරියාට එහි සිටි බීමත් පුද්ගලයෙකු විසින් බෝතල් ප්‍රහාරයක් එල්ල කොට ඇති අතර එහිදී සැරයන් සමරවික්‍රම නිලධාරියාගේ මුහුණ සහ ගෙල දැඩි ලෙස තුවාල සිදුවීම හේතුවෙන් කිලිනොච්චිය රෝහලට ඇතුලත් කොට ඇත.

බරපතල තුවාල ලැබූ සැරයන් සමරවික්‍රම පොලිස් නිලධාරියාගේ තුවාල සුව වූ පසු ස්ථාන මාරුවක් ගෙන රත්නපුර පොලීසියට ගොස් ඇති බවට කිලිනොච්චිය පොලිස් වාර්ථාවල සඳහන් වෙයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

39 views
Main News