රත් කලාට වැඩක් නෑ… ආහාරවල ඇෆ්ලටොක්සින් ඉවත් කරන විදිහ මෙන්න..

April 12, 2021 at 9:20 am | lanka C news
රත් කලාට වැඩක් නෑ… ආහාරවල ඇෆ්ලටොක්සින් ඉවත් කරන විදිහ මෙන්න..

ආහාර සහ පාන වර්ගවල ඇති ඇෆ්ලටොක්සින් පිළිකාකාරක රත් කිරීමෙන් ඉවත් කළ නොහැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා සඳහන් කරයි.

ඒ මහතා එම විශ්ව විද්‍යාලයේ ආහාර හා විද්‍යා තාක්ෂණ දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වරයාය.

ඇෆ්ලටොක්සින් පිළිකාකාරකය තරමකින් හෝ අඩු කිරීමට හැකි වන්නේ පාරජම්බුල කිරණින් හෝ කෝස්ටික් සෝඩා වැනි ද්‍රව්‍යකින් පමණක් බවද ඔහු පැවසීය.

එසේම කරවිල ඇට සහ දෙළුම් ආහාරයට ගැනීමෙන් එම පිළිකා කාරකය මර්දනය කිරීමේ හැකියාවක් ඇති බවද ඔහු කියා සිටියේය.

38,522 views

7 Comments to “රත් කලාට වැඩක් නෑ… ආහාරවල ඇෆ්ලටොක්සින් ඉවත් කරන විදිහ මෙන්න..”

  1. රටවැසි says:

    එහෙනං ඉතිං ප්‍රහ්ණයක් නැහැනේ ! අර වහ කෑවට කමක් නෑ කියාපු මැඩාම්ට රස්සාව දෙමු , අපි කරවිල කමු . කොහොමත් ඉතිං හුදීජනයෝ , ජහමනයො වන අපිට තිත්ත කෑම පුරුදුයි නේ . හැම අවුරුදු පහකට සැරයක් කාල කාල දැං තිත්ත ට තිත තියල නේ .

    • SKF says:

      යහපාලන කාලේ පිරිපහදු නොකල වස පොල්තෙල් ලන්කාවට ගෙන්වන්න අවසර දුන්නා.
      ඊට අමතරව පොල් තෙල් වලට පාම් තෙල් කවලම් කරන්න ඉඩ දුන්නා.

      ඒවගේ ප්‍රථිපල තමා අද මේ භුක්ති විදින්නේ.

      නිලධාරීන්, දේශපාලුවන් වගේම දූශිත බව ප්‍රමිති ආයතනයේ සිද්ධියෙන් තහවුරු වුනා.

      • harsha says:

        කලවම් තෙල් ගේන්න අවසර දුන්නේ 2005 සෞඛ්‍ය ඇමති නිමල් සිරිපාල ද සිල්වා. 2016 ගැසට් එකෙන් කළේ කලවම් කරපු එකක් නම් කවලම් කරපු බව ලේබලයේ දක්වන්න විතරයි. අනෙක පාරිභෝගික කටයුතු අධිකාරියට ඔය වගේ ගැසට් එකක් නිකුත් කරන්න බලයක් නෑ.

        • SKF says:

          කලවම් තෙල් වර්ග ගොඩක් ඇති. (සෝයා තෙල් සහ සන්ෆ්ලවර් තෙල් ආදී ලෙස.)

          මම කතා කලේ පොල් තෙල් වලට වෙනත් තෙල් කලවම් කිරීම. යහපාලන බදුර්දීන් ගෙ ගැසට් එක.

          • harsha says:

            එහෙම ගැසට් එකක් ගහන්න පුළුවන් සෞඛ්‍ය ඇමතිට විතරයි. රජයේ මුද්‍රණාලයේ වෙබ් අඩවියට ගිහින් ගැසට් එක කියවලා බලන්න.

  2. Banda says:

    Maru katha meva, ehenam oya thel Pitaratin digatama genalla lankave karavaila ekka kamu.

  3. Love nature says:

    අධික ඇල්කොහොල් භාවිතයෙන් පසු අක්මාවේ තැන්පත් වී ඇති ඇල්කොහොල් ඉවත් කරමින් අක්මාව පිරිසිදු කිරීමේ විශේෂ හැකියාවක් කරවිල සතුව ඇත. කරවිල මඟින් අක්මාව තුල ඇති එන්සයිම වල ප්‍රතිඔක්සිකාරක හැකියාව ඉහල නංවා අක්මාව අකර්මණ්‍ය වීම වළකන අතර පිත්තාශයේ ක්‍රියාකාරීත්වය වැඩි කරයි.

    බැක්ටීරියා, වයිරස වලට එරෙහිව සටන් කිරීමේ විශේෂ හැකියාවක් කරවිල සතුව ඇත. එමඟින් ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කරමින් ශරීරය තුළ ආසත්මිකතාවයන් ඇතිවීම හා අජීරණයන් ඇතිවීම වලක්වයි. කරවිල සතුව ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය මඟින් පිළිකා තත්වයන් ඇතිවීම අවම කරයි.

    කරවිල වල අඩංගු විටමින් A සහ බීටා කැරොටින් නිසා ඇස් වල නිරෝගි බව පවත්වා ගැනීමට හා ඇස් පෙනීම වර්ධනය කිරීමට දායක වෙයි.

    මේ ආකාරයෙන් බොහෝ වාසි ලැබුණද, පමණ ඉක්මවා කරවිල ආහාරයට එක් කර ගැනීමෙන් උදර වේදනාවන් මෙන්ම පාචන තත්වයන් වුවද ඇතිවිය හැකිය. දිනකට ශරීරයට එක් කරගත යුතු කරවිල යුෂ ප්‍රමාණය ලෙස අනුමත කර ඇත්තේ 30ml පමණි.

Main News