රතුපස්වල වෙඩි තියන්න අණ දුන් බි්රගේඩියර් රිමාන්ඞ්..
May 25, 2017 at 6:48 pm | lanka C news
රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධන මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මැයි 31 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.
බ්‍රිගේඩියර්වරයා අත්අඩංගුවට ගන්නා ලද්දේ 2013 වසරේදී රතුපස්වලදී පැවති විරෝධතාවයකදී සිදු කරනු ලැබූ වෙඩි තැබීමකින් පුද්ගලයන් තිදෙනකු ඝාතනය වීම සම්බන්ධයෙනි.
එදින එම හමුදා කණ්ඩායමට අණ දෙනු ලැබුවේ බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධනයි.