රතුලූණු ගොවියා අමාරුවේ… මිල අඩුවෙයි.. කිලෝව රු. 100 ටත් අඩු වෙයි…
December 5, 2018 at 2:06 am | lanka C news
පසුගිය දිනවල උතුරට ඇදහැලුනු වර්ෂාවත් සමග යාපනයේ රතුලූණු අස්වැන්න සාර්ථක වීමත් සමග වෙළඳපොලට යාපනයෙන් රතුලූණු තොග පිටින් ලැබීම හේතුවෙන් මිල ගනන් සීග්‍රෙයන් අඩු වී ඇති බවට උතුරේ වෙළෙන්ඳන් කියා සිටිති.
රතුලූණු මිල ගණන් අඩුවීම හේතුවෙන් රතුලූණු ගොවියා දැඩි අසීරුතාවයන්ට පත්ව ඇති අතර රතුලූණු නියමිත මිලකට විකුණා ගැනීමටද නොහැකි වාතාවරණයක් උදා වී ඇති බවට උතුරේ රතුලූණු ගොවීහු කියා සිටිති.
පැවති නියං කාලය සමයේදී රතුලූණු කිලෝවක් රුපියල් 300 ත් 400ත් අතර මිලකට ඉහල ගිය අතර මේ වන විට උතුරේ රතුලූණු කිලෝවක තොග මිල රුපියල් 90 ත් 100 ත් අතර මිලකට අලෙවි වන අතර සිල්ලර මිල රුපියල් 130 ත් 140 ත් අතර මිලකට අලෙවි වන බවට උතුරේ වෙළෙන්ඳන් කියා සිටිති.
යාපනයේ රතුලූණු වගාවන්හි සාර්ථක අස්වැන්නක් ලැබීමත් සමග උතුරේ රතුලූණු වෙළඳ ස්ථාන වෙතට රතුලූණු තොග පිටින් ලැබීමත් සමග රතුලූණු මිල ගණන් සීග්‍රෙයන් පහල ගොස් ඇති බවට යාපනයේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයටද යාපනයේ සිට රතුලූණු බෙදාහැරෙන බවට උතුරේ රතුලූණු ගොවීහු කියා සිටිති.
නියං සමය හේතුවෙන් උතුරේ එලවළු වගාවන් විශාල ප්‍රමාණයක් විනාශ වූ අතරම නැවත වර්ෂාව ලැබී වැව් පිරී යාමත් සමග උතුරේ එලවළු වගාවන් ඇතුලු කෘෂිකාර්මික කටයුතු නැවත ආරම්භ කිරීමට හැකිව තිබන බවටද උතුරේ ගොවීහු කියා සිටිති.
– වන්නි රොමේෂ් මධුෂංඛ
බය වෙන්න දෙයක් නෑ මහින්ද මහත්තය ටෑක්ස් අඩු කරපු නිසා පඩුවක් වෙන් නෑති වෙයි. කොහොමද දුර දක්නා නුවන ඒ උත්තමයගෙ
කමක් නැත දකුනේ ළුනු නැත උන්ඩුබුරුන බල්ලන් ගේ කටවස්නු ඇත ????????
උතුරේ ,දකුනේ බෙද ළුනු වලටත්. CAN”T THINK AS ONE COUNTRY?????