රතු නාඩු සහ රතු සබ්බා වලට ඉල්ලුම අඩුවීමෙන් ගොවීන් අසීරුතාවයට….

April 5, 2019 at 2:05 am | lanka C news
රතු නාඩු සහ රතු සබ්බා වලට ඉල්ලුම අඩුවීමෙන් ගොවීන් අසීරුතාවයට….

පසුගිය මහකන්නයේදී උතුරු පලාතේ රතු නාඩු සහ රතු සම්බා වී ගොවිතැන් වෙනුවෙන් වෙළෙන්ඳන්ගේ ඉල්ලුම අඩු වීමෙන් එම ගොවීහු දැඩි අසීරුතාවයන්ට පත්ව සිටිති.

රතු නාඩු සහ රතු සම්බා වී වෙනුවෙන් කිලෝවක් රුපියල් 22ත් 24 ටත් අඩු මුදලකට ගැනීමට වෙළෙන්ඳන් තීරණය කොට තිබීම නිසාවෙන් උතුරේ රතු වී ගොවිතැන් කරන ලද ගොවීන් හට ගැටලු රැසකට මුහුණ පෑමට සිදුව ඇත.

රතු වී වලට පාරිභෝගික ජනතාවගේ ඉල්ලුමක් ඇතත් රතු වී මිලදී ගන්නා වෙළෙන්ඳන් රතු වී මිලට ගනු ලබන්නේ ආටාකාරී නැමති වී වලින් නිපදවන රතු වී පමණක් වීම හේතුවෙන් සාමාන්‍ය රතු වී වගා කරන ගොවීන් මෙසේ පීඩාවන්ට ලත්ව සිටිති.

එමෙන්ම උතුරු පලාතේ ආටාකාරී ක්‍රමායට වී නිපදවනු ලබන්නේ මන්නාරම් දිස්ත්‍රීක්කයේ ගොවීන් පමණක් වන අතරම සෙසු දිස්ත්‍රීක්කයන්හි ගොවීන් හට ඉන් දැඩි අසාධාරණයක් සිදුව ඇත.

කෙසේ වෙතත් උතුරේ රතු වී වගා කල ගොවීන්ගේ රතු වී වල නියමිත ප්‍රමිතියක් නොතිබීම නිසාවෙන්ද රතු වී වෙනුවෙන් සාධාරණ මිලක් නොමැති වීමෙන් මෙම ගැටලුව පැන නැගී ඇති අතර මේ වෙනුවෙන් සාධාරණ විසඳුමක් ලබා දෙන ලෙසට උතුරේ ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

340 views