රත‍්‍රන් අශ්වයින් සොයාගනී..

May 16, 2017 at 3:06 am | lanka C news
රත‍්‍රන් අශ්වයින් සොයාගනී..

වෙසක් දින රාත්‍රියෙහි කොටිකාවත්ත කොහිලවත්ත ප්‍රදේශයේ අශ්වගාලක සිටියදී අතුරුදන් වූ ලක්ෂ 30ක පමණ වටිනාකමකින් යුත් “රන් පැහැති” අශ්වයන් දෙදෙනකු පොළොන්නරුව ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකින් පසු සොයා ගැනීමට හැකි වූ බව වැල්ලම්පිටිය පොලිසිය සඳහන් කරයි.

ගාලේ සිටි “රන් පැහැයට” හුරු කුඩා අශ්වයන් දෙදෙනකු අතුරුදන්ව ඇති බවට එම අශ්ව ගාලේ හිමිකරු විසින් පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව නවීන තාක්ෂණික ක්‍රම උපයෝගී කොට ගනිමින් 13දා සෙනසුරාදා අලුයම සිදුකළ විශේෂ සෝදිසියකදී සූක්‍ෂ්මව සඟවාගෙන සිටි එම “රන් පැහැති’ අශ්වයන් දෙදෙනා සොයා ගැනීමට වැල්ලම්පිටිය පොලිස් ස්ථානයේ විශේෂ අපරාධ ඒකකය සමත්ව තිබේ.

එම “රන් පැහැති” අශ්වයන් සොරකම් කළ බවට සැක පිට අවුරුදු 29, 36 යන වයසේ පසුවන පුද්ගලයන් දෙදෙනකුද අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන් එම අශ්වයන් විකිණීම සඳහා සොරකම් කර ඇති බවට පොලිසිය සැක කරයි.

– මව්බිම

180 views

13 Comments to “රත‍්‍රන් අශ්වයින් සොයාගනී..”

  1. අමීලියා says:

    ඕන් එහෙනම් එක චෝදනාවක් හරි ගියා , දැන් කොහොම හරි අස්සයෝ රාජපක්ෂට සම්බන්ද කර ගත්තනම් හරි , බැරිම උනොත් ඩේසි ආච්චිව හරි ……

Main News